හිටපු කම්කරු නායක බාලා තම්පෝගේ ජීවිතය හා වෘත්තීය සමිති හා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් රචිත කෘතියක් සැප්තැම්බර් මස 01 දින එළිදැක්වීමට සැලසුම් කර තිබේ.
බාලා තම්පෝ මියගොස් ගෙවීයන පළමු අනුස්මරණ උත්සවය නිමිත්තෙන් සැප්තැම්බර් පළමු වනදා පස්වරු 2.00ට ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගම් මූලස්ථානයේදී මෙම කෘතිය එළිදැක්වීමට කටයුතු යොදා ඇතිබව ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ තොරතුරු අනාවරණය කරයි.
“අමතක කළ නොහැකි කම්කරු නායකයා” ලෙසින් එම කෘතිය නම් කර ඇතැයි වාර්තාවේ.
වසර 66ක කාලයක් බාලා තම්පෝ සිය වෘත්තීය සමිති හා දේශපාලන වැඩකටයුතු වල යෙදෙමින් ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ ප්රධාන ලේකම්වරයා ලෙස කටයුතු කර තිබුනි.

