තජුඩීන්ගේ දුරකථනය නුවරඑළියෙන් හමුවේ  

wasim thajdeen

ඝාතනයට ලක්වූ බව සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය මිට සති 3ට ඉහතදී නුවරඑළිය, ආගරපතන ප්‍රදේශයේ තරු‍ණයෙකු ළඟ තිබියදී සොයාගත් බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මේ බව මාධ්‍ය වලට ප්‍රකාශ කර තිබේ. තජුඩීන් මිය ගියේ නාරාහේන්පිට සිදුවූ රිය අනතුරෙන්ද නැතිනම් ඔහු මරා අනතුරට ලක්වූ රියට දැම්මාද යන්න සැකයට භාජනය විය.

එම රථය අනතුරට ලක්වූ නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ පිහිටි උත්සව ශාලාවක හිමිකරුවෙකුට ඔහුගේ ජංගම දුරකථනය  හමුවී ඇති බවත්, ඔහු එය සිය පුතාට ලබාදී ඇති බවත්, පොලීසිය දැනට විශ්වාස කරන අතර මේ ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය පවසයි.

Leave a Reply