ඕස්ටේ‍්‍රලියාවට නව ආරක්ෂක කාර්මාන්ත අමාත්‍යධූරයක්.

011.web

පසුගියදා බලයට පැමිණි ඕස්ටේ‍්‍රලියානු ලිබරල් පක්ෂ නායක හා එරට අගමැති  මැල්කම් ටර්න්බුල්ස් එරට නව ආරක්ෂක කර්මාන්ත ධුරයක් ඇති කර තිබේ.

මීට පෙර එරට මෙවැනි අමාත්‍යාංශයක් නොතිබු අතර මෙම නව අමාත්‍යාංශය ඇතිකර ඇත්තේ පසුගියදා ප්‍රංශය සමග එක්ව ගිවිසගත් සබ්මැරීන් 12ක් නිෂ්පාදනය ඉලක්ක කරගෙන බව වාර්තාවේ.

මෙහි ප‍්‍රධානම ව්‍යපෘතිය ලෙස ගැනෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 50ක් වැය කරමින් ප‍්‍රංශ සමාගමක් වෙත ලබාදී තිබෙන නව සබ්මැරින් 12ක් නිෂ්පාදනය කිරීමේ කාර්මාන්තයයි. ඇඩිලේඩ් නුවර එරට වානේ භාවිතා කරමින් ඕස්ටේ‍්‍රලියානු කම්කරුවන් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට යන බව එරට අගමැති මැල්කම් ටර්න්බුල්ස් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

 මෙම සබ්මැරීන් ගණුදෙනෙුව සදහා ජපානය ජර්මනිය හා ප‍්‍රංශය ලංසු තබා තිබුනි. කෙසේවෙතත් ප‍්‍රංශ සමාගම මෙම අතිවිශාල ආරක්ෂක කොන්ත‍්‍රාත්තුව ලබා ගැනීමට සමත්විය.

නව ආරක්ෂක කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කි‍්‍රස්ටෝපර් පිනෛ පත්කර ඇති අතර ඔහු මෙම සබ්මැරීන් නිෂ්පාදනය අධීක්ෂණය කරනු ඇත. ජපානයද මෙම දැවැන්ත කොන්තා‍්‍රාත්තුව නොලැඹීම ගැන සිය කණස්සල්ල පළකොට තිබුනි. එරට මිටිසුබිෂි සමාගම් සමූහය විසින් අදාල ටෙන්ඩරයට ඉල්ලුම් කර තිබුණත් එයට කොන්ත‍්‍රාත්තුව හිමි නොවුනි. පසුගියදා බලයෙන් ඉවත්වීමට සිදුවූ ඕස්ටේ‍්‍රලියානු හිටපු අගමැතිවරයා වූ ටෝනි ඇබට්ගේ සමීපතමයකු ලෙස ජපාන අගමැතිවරයා වන ෂින්ෂෝ අබේ කටයුතු කර තිබුනි.

මෙම කොන්ත්‍රාත්තුව ජපානය වෙත ලැබීමේ අවස්ථාව අහිමි වන්නේ එරට හිටපු අගමැතිවරයාට සිය පක්ෂයේ  නායකත්වය අහිමිවීම හේතුවෙනි. ටෝනි ඇබට් බලයෙන් ඉවත්වීම හේතුවෙන් මෙම අතිවිශාල ආරක්ෂක කොන්ත්‍රත්තුව ජපානයට නොලැඹීයාමට හේතුවී අැතැයිද වාර්තාවේ.

ඕස්ටේ‍්‍රලියාවවේ මෙම සබ්මැරීන් 12 අදාල ගණුදෙනුව එරට ඉතිහාසය තුල සිදුව ඇති ආරක්ෂක අංශය වෙනුවෙන් කරන ලද ඉහළම ආයෝජනය ලෙසද සදහන්වේ.

චීනය විසින් සිය ආර්ථික හා හමුදාමය අාධිපත්‍ය ගොඩ නැගීමේදී එයට එදිරිව එක්සත් ජනපදයයේ ආශිර්වාදය හා පෙළඹීම මතින් ගොඩනගණු ලබන ආසියා පැසිපික් ආරක්ෂක සහයෝගිතා වැඩ සටහනේ ප්‍රධාන භුමිකාවක් ඕස්ටේ‍්‍රලියාවට හිමිව ඇත.

ජපානය, දකුණු කොරියාව, පිලිපීනය, ඉන්දුනීසියාව හා වියට්නාමය හා තවත් ආසියානු කලාපයේ ප්‍රබල රටවල් සමූහයකින් සමන්විත මෙම අරක්ෂක සහයෝජිතා වැඩ සටහනේ ප්‍රධාන කාර්යය භාරයක් ඕස්ටේ‍්‍රලියාව හිමිකර ගෙන ඇත.

එයට අනුව යමින් තම ආරක්ෂක ශක්තිය වර්ධනය කිරීමේ මූලික ඉලක්කයක්ව ඇත්තේ තම නාවික බලඇණි වෙත ඇති පැරනි සබ්මැරීන් බවත් කොට  නවීන සබ්මැරීන් බලකායක්ද එක්කිරීමේ අරමුණයි.

Leave a Reply