ඇමති සැප වෙනුවෙන් ‘සමිට්‘ නිවාස වෙනුවට සැප මැදුරු!

2016.07.20 apartments

කොළඹ 7, කුරුදුවත්තේ කැප්පෙටිපොළ මාවතේ පිහිටි ඇමැති නිලනිවාස ‘සමිට්‘නිවාස සංකීර්ණය වෙනුවට එම ස්ථානයේ නව මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

ඇමැති නිවාස සංකීර්ණය නව ගොඩනැගිල්ලක් ලෙස ඉදි කරමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට කුලී පදනම මත සුඛෝපභෝගී නිවාස ලබාදීම සඳහා ද මෙම නව මහල් නිවාස සංකීර්ණය අලුතින් ඉදිකරන්නට සැලසුම් සකස් කර තිබේ. දැනටමත් මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ආරම්භ කර රජයේ හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ මහල් නිවාස ව්‍යාපෘතියක් ලෙස එය සිදුකිරීමට නියමිතය.