උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දුන්නේ 2012 වසරේදීය. ඒ අනුව එකී විෂය ක්ෂේත‍්‍රය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත් පළමු ශිෂ්‍ය කණ්ඩායම මේ වසරේදී විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමට නියමිතය.
නමුත් ඔවුන් සඳහා මේ වන තෙක් විශ්වවිද්‍යාලවල පාඨමාලා සකස් වී නැති බව වාර්තා වේ.
මේ පිළිබඳ උසස්පෙළ තාක්ෂණ විෂය ධාරාවේ ප‍්‍රශ්න පත‍්‍ර සමීක්ෂණය සඳහා සහභාගී වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය ප‍්‍රිමාල් ප‍්‍රනාන්දු ජනරළ කළ විමසීමට මෙසේ පිළිතුරු දුන්නේය.
”මේ විෂය ධාරාව උසස් පෙළ සඳහා හඳුන්වාදී ඇත්තේ කිසිම සැලැස්මකින් තොරවයිි. මෙහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 300කට අවස්ථාව ලබාදෙන බව කියා තිබුණත් එය සිදු වන ආකාරය ගැන කිසිදු තොරතුරක් සොයාගන්නට නැහැ.”
තවදුරටත් ඔහු ප‍්‍රකාශ කළේ ලොකු සද්ද දමමින් ආරම්භ කළ මෙම විෂය ආරම්භයේදී සිසුන් 7000ක් පමණ ඊට සම්බන්ධ වූ බවත් පසුව මෙහි ඇති පැහැදිලි සැලැස්මක් නොමැතිකම හේතුවෙන් එලෙස සිසුන් සම්බන්ධවීමේ ප‍්‍රවණතාව අඩු වූ බවයි.
මෙහිදී විශ්වවිද්‍යාල බඳවා ගැනීම් ගැන වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කළේ, විශේෂයෙන් විද්‍යා අංශයේ සිසුන් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල තුළ ඉඩ කඩ නොමැති බව කීම තමන් පිළි නොගන්නා බවයි.
උසස් පෙළ සමතුන්ගෙන් විශ්විද්‍යාල ප‍්‍රවේශයේ අවම සුදුසුම් ලබන්නේ 60%ක් පමණි. එයිනුත් විද්‍යාපීඨ සඳහා ඇතුළත් වන්නේ ඉතා සුළු පිරිසකි.
තමන් දන්නා එක් පාඨමාලාවක සිසුන් 100ක අවශ්‍යතාවට දැන් සිටින්නේ 12ක් පමණක් බවත් ඔහු ප‍්‍රකාශ කළා. ඒ නිසා විශාල වශයෙන් පුරප්පාඩු විශ්විද්‍යාල තුළ පවතිනවා. ඒවා පුරවන්නේ නම් උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට අවම සුදුසුකම් ඇති සිසුන් පවා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගත හැකියි.
එසේ තිබියදී සැලැස්මක් නොමැතිව මෙවැනි පාඨමාලා ආරම්භ කිරීම තුළින් සිසු ජීවිත විනාශ වන බවත් ඔහු පැවසූ බව ජනරළ වාර්තා කරයි.