ඉන්දීය සැටලයිට් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

india saterlite

ඉන්දියාව විසින් යෝජිත සාක් කළාපීය සැටලයිට් ව්‍යාපෘතිය සදහා ලංකාවේ අනුමැතිය ලබාදෙන බවට ඊයේ පැවැති හවුල් ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙන බව වාර්තාවේ.

අග්‍රාමාත්‍යවරයාගේ ලබන සතියේ අරඹන ඉන්දීය සංචාරය තුලදී මෙම ගිවිසුමට අත්සන් කරන බවද වාර්තාවේ. මෙම ඉන්දීය ව්‍යාපෘතිය ගැන සදහන් වන තොරතුරු වන්නේ සාක් කළාපීය රටවල සන්නීවේදන කටයුතු වඩා පහසුකිරීමත්,තවත් කේෂේත්‍ර ගණනාවකට අදාලව ප්‍රතිලාභ හා ටෙලි මෙඩිසින් ව්‍යාපෘතියක් ලෙසත් මෙය ආරම්භ කරන බවයි.

ඉන් සාක් කළාපයේ රටවලට මෙම සැටලයිට් ව්‍යාපෘතියෙන් විශාල ප්‍රතිලාභ ලබා දෙන බව පසුගිය නොවැම්බර් මස නේපාලයේ සංචාරයක නිරතව සිටි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පවසා තිබුනි. ලබන වසරේ මෙම ව්‍යපෘතිය අවසන් කරන බවටද ඉන්දීය අගමැතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබුනි.

කෙසේ වෙතත් ඉන්දීය උපාය මාර්ගය වනුයේ කලාපීය බලවතා ලෙස තම කලාපයේ සන්නිවේදන හා තොරතුර තාක්ෂණ ක්ෂේත්‍රයේ තම ආධිපත්‍ය ලබාගැනීමේ අභිප්‍රායයි. මෙම සැටලයිට් ව්‍යාපෘතිය හරහාද එම ඉන්දීය අරමුණට එලැඹීමට ඉන්දීයාව සමත්ව ඇති බව පෙනේ.

පසුගිය රාජපක්ෂ රෙජිමය විසින් දිගින් දිගටම චීනයට නැඹුරුව ගෙන ගිය ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන ඉන්දීය පාලකයන් දැක්වූයේ නොසතුටකි.

නමුත් දැන් මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුව පැමිණි පසුව නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවායැයි පැවසුවද ඉන්දියාවට වඩාත් නැඹුරු තත්වයකට ගමන් කරමින් තිබේ.

මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුවේ කෙටිකාලීන දේශපාලන හැසිරීමේදී මේ බව කැපී පෙනෙන බව දේශපාලන විශ්ලේශකයන් පවසයි.

Leave a Reply