බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වයට ජෙරමි කෝර්බින් ඊයේ තේරීපත්විය.
වසර 32ක් වැනි දිගුකලක සිටි කම්කරු පක්ෂයේ මහජන නියෝජිතයකු ලෙස බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කම්කරු පක්ෂයේ වාමාංශික පාර්ශවය වෙනුවෙන් ජෙරමි කෝර්බින් ප‍්‍රබල දායකත්වයක් දක්වා ඇත.
කෙසේ වෙතත් කම්කරු පක්ෂයේ නායකත්වයට ජෙරමි කෝර්බින් පත්වීමත් සමග බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ විදෙශ් පිලිවෙතද යම් ප‍්‍රමාණයක හෝ වෙනස් තත්වයක් දක්වා පරිවර්ථනය වනු ඇතැයි එරට දේශපාලන විචාරකයන් පෙන්වා තිබේ.
ඊයේ කම්කරු පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසුව පැවැති ප‍්‍රධාන මහජන රුළියකදී ඔහු පවසා ඇත්තේ සරණාගතයින් සදහා තම පක්ෂයේ ස්ථාවරය වන්නේ සිරියානු යුද්ධට හා අයි.එස්.අයි.එස් වරුන්ට එරෙහිව ගෙන යන ප‍්‍රහාර වහාම නැවැත්විය යුතු බවත් සරණාගතයින් සදහා සිය සහාය ලබා දෙන බවයි.