කාල්ටන් ස්පෝර්ට්ස් නිවුස් චැනල් විකිණීම හෝ බදුදීමට අතුරු තහනමක්

csn-wallpaper

කාල්ටන් ස්පෝර්ට්ස් නිවුස් චැනල් විකිණීම හෝ බදුදීමට අතුරු තහනමක්. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කඩුවෙප මහේස්තත් වෙත බී 9823 වාර්තාව මගින් කාල්ටන් ස්පෝර්ට්ස් නිවුස් චැනලය දැනට හිමි රාජපක්ෂ පවුලෙන් වෙනත් අයෙකුට විකිණීම හෝ බදුදීම අතුරු තහනම් නියෝගයක් මගින් වලකා තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලැඹුනු තොරතුරකට අනුව මෙම රූපවාහිනී චැනලය විකිණීමට හෝ වෙනත් අයෙකුට බදුදීමට රාජපක්ෂ පවුලේ උත්සාහයක් තිබී ඇත.

මේ හේතුවෙන් මෙම නාලිකාව ආරම්භ කිරීමට මුදල් ආරම්භයේ යෙදවූයේ කෙසේදැයි සොයමින් සිටින විට මෙම තත්වය මතුව ඇති නිසා අධිකරණයට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය බී වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම අතුරු තහනම් නියෝගය ගෙන තිබේ. මේ අනුව කාල්ටන් ස්පෝර්ට්ස් නිවුස් චැනලය විකිණීම හෝ බදුදීම තාවකාලිකව නතරවනු ඇත.

Leave a Reply