මිල්කෝ සමාගමට අයත් පොලොන්නරුව ගල්ලෑල්ල කර්මාන්ත ශාලාවේ ගබඩා කළ කිරි ලීටර් හයදහසක් පමණ එම ගබඩා කළ ටැංකිවලට විෂ රසායනිකයක් මිශ්‍ර වීම හේතුවෙන් විසි කර දැමීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
වාර්තා වන අන්දමට පිරිසිදු කිරීමට ගෙනා රසායනික ද්‍රව්‍යයක් අත් වැරදීමකින් කිරි ටැංකි වලට කලවම් වීම මීට හේතුවයි. මේ නිසා මිල්කෝ සමාගමට දරන්නට සිදුවන පාඩුව රුපියල් ලක්ෂදහය ඉක්මවන බව වාර්තා වේ.
මේ මිල්කෝ සමාගමෙන් වාර්තාවූ එවැනි පළමු සිදුවීම නොවේ. මීට සමාන සිද්ධීන් කිහිපයක්ම විටින් විට පසුගිය සමයේ සිදු වූ නිසා කිරි විශාල ප්‍රමාණයක් ඉවත දැමීමට සිදුවිය.
මේ සම්බන්ධයෙන් සේවකයෝ චෝදනා කරන්නේ පාලනාධිකාරියේ අකාර්යක්ෂමතාවයට බව ජනරළ වාර්තා කරයි.
ප්‍රසන්න ජයවීර