Posted on 09.13.2015 by Janaka Thushara in දේශීය පුවත් with 0 Comments
යුද්ධයේ අවසන් භාගයේ සිදු වූ බවට චෝදනා එල්ල වූ යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව පසුගියදා ශ්‍රී ලංකා රජය වෙත බාර දී තිබේ. පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා රජය වෙත බාර දී ඇති එම වාර්තාව ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 30 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අධ්‍යයනය කරන බවත් මානව හිමිකම් සැසිවාරයේදී ඊට ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසීය. කොමිසමේ වාර්තාව සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලිඛිතව ඉදිරිපත් කරනු ලබන ප්‍රතිචාර මේ මස අගදී ප්‍රසිද්ධියට පත් කෙරෙනු ඇත.
මානව හිමිකම් කොමිෂන් සභාවේ 30 වැනි සැසිවාරයට සහභාගි වීමට විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර සහ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ජිනීවා වෙත පිටත්ව ගොස් තිබේ.