තත්පර 40කට වරක් සිය දිවි නසා ගැනීමක් 

suicide

ලෝක සියදිවි හානිකර ගැනීම් වැළැක්වීමේ දිනය සැප්තැම්බර් 10 දිනට යෙදී තිබිණි.‘ජීවිතය සුරකින්න – සුරත දිගුකරන්න’ මෙවර ලෝක සිය දිවි නසා ගැනීමේ දිනයේ තේමාව ලෙස නම් කර තිබේ.

සෑම වසරකම ලක්ෂ 8කට වැඩි පිරිසක්, එනම් එනම් සෑම තත්පර 40කට වරක් එක් අයෙකු බැගින් සියදිවි හානිකර ගැනීම් හේතුවෙන් මියයන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා පවසයි.

මෙලෙස වසරකට අහිමි වන ජීවිත ගණන, මිනිස් ඝාතන හා යුද්ධය හේතුවෙන් අහිමි වන ජීවිත ගණනද ඉක්මවන බවද එම වාර්තා පවසයි.

සිය දිවි නසා ගැනීම් වාර්තාවන රටවල් 172ක් අතරින් ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානය ලැබී ඇති අතර පසුගිය වසරේදී සියදිවි නසා ගත් ලාංකිකයන් සංඛ්‍යාව 3164ක් බව ජනරළ වාර්තා කරයි.

වජිර තෙන්නකෝන්

Leave a Reply