මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන්මගේ ධූර කාලය ජුනි මාසයෙන් අවසන් වීමත් සමග ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව පොරොන්දුවී ඇතැයි වාර්තා වේ. මුදල් ඇමති රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරුන් ඡන්දය භාවිත කිරීමට එකඟවී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා යළි පත් නොකිරීමේ එකඟතාව මත බව වාර්තා වේ. එහෙත් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් අගමැතිවරයාගේ සමීපතමයෙකු වන අතර ඔහු ඉවත් කිරීමේ පොරොන්දුව කඩවුණු පොරොන්දුවක් බවට පත්වීමට වැඩි ඉඩක් ඇති බවද ආණ්ඩුවේම ආරංචි මාර්ග අනාවරණය කරයි.