අධිකරණ තීරණය නිසා මහින්ද ශාලිකා යන්නේ නෑලු

SLFP Split 2016-04-17 SLFP split

ඒකාබද්ධ විපක්ෂයට අයත් පක්ෂ කිහිපයක නායකයන් ගණනාවකට සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට ඇතුළුවීම දින 14කට තහනම් කරමින් නිකුත් කරණු ලැබූ අධිකරණ නියෝගය පිළිගන්නා බව අද(30) කොළඹදී පැවති මාධ්යර හමුවකදී ඒකාබද්ධ විපක්ෂය පැවසීය.
ඒ අනුව හෙට (01) පවත්වනු ලබන මැයි දින පෙළපාලිය ශාලිකා කීර්යරඩාංගණයෙන් නොව වෙනත් ස්ථානයකින් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එහිදී කියා සිටියේය. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂවල සහභාගිත්වයෙන් මැයි දින රැළිය කිරුලපනේදී පවත්වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply