தமிழ்
English
Contact
Tuesday 25th July 2017    
මාස දෙකක විදුලි බිල්පත එකවර ගෙවීමට සිදුවීමෙන් පාරිභෝගිකයින් අසීරුතාවක « Lanka Views | Views of the truth

මාස දෙකක විදුලි බිල්පත එකවර ගෙවීමට සිදුවීමෙන් පාරිභෝගිකයින් අසීරුතාවක




මානු කියවන්නන් නියමිත පරිදි නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි බිල්පත මාස දෙකකට වරක් හිමිවීමෙන් විදුලි පාරිභෝගිකයින් මහත් අපහසුතාවයකට පත්වී ඇති බව වාර්ථා වේ.

එවන් තත්වයක් පැවතුනද  ගෙවීම් පැහැර හැරී විදුලි පාරිභෝගිකයින්ගේ සම්බදතා විසන්ධි කිරීම් සාමාන්‍ය පරිදිම සිදු කරන බවට පාරිභෝගිකයින් චෝදනා කරයි. මේ  හේතුවෙන් එකවර විශාල මුදලක් විදුලි බිල්පතට යොදවීමට සිදුවීම සිය මාසිකව අදායම් වලට දාරාගත නොහැකි තත්වයක් බව ඔවුන් පවසයි.

විදුලි පාරිභෝගිකයින්ට සාපේක්ෂව මනුකියවන්නන් කිසිසේත් ප්‍රමාණවත් නොවීම මෙම ගැටළුවට ප්‍රධාන හේතුව බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.



Related News