රහසිගතව ඉදිකරන ප්‍රමිතියෙන් තොර දුම්රිය මාර්ගයක්
Posted on 06.09.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ක්‍රියාත්මකවන මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු සම්බන්දව දැඩි ගැටළු සහගත තත්වයන් මතුවී තිබෙන බව ඉන්ජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශ ඉන්ජිනේරුවරුන්ගේ සංගමය පවසයි.

මෙම ව්‍යාපෘතිය ප්‍රමිතියෙන් තොරව සිදු කරන බවත් ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමේදී තම සංගමයේ සාමජිකයන් හට මරණීය තර්ජන එල්ල කරන බවත් අදාළ චීන ඛ්ර්ඛ් නම් සමගම චීනයේ එක්සිම් බැංකුව විසින් ප්‍රතික්ෂේප කරන ලද ආයතනයක් බවත් මෙම දුම්රිය මාර්ගය සම්බන්දව කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි බවත් එම සංගමය පෙන්වා දෙයි.

ඉතා රහසිගත අයුරින් සිය සංගමයට පවා නිරීක්ෂණය නොවන ලෙස රාත්‍රී කාලයේ ඉකිරීම් කටයුතු කරමින් කුමන්ත්‍රණකාරී ලෙස හැසිරෙමින් සිටින මෙම චීන සමාගම තම සංගමයේ උපදෙස් පවා පිළිනොගනිමින් යල්පැන ගිය ඉතා පහත් මට්ටමේ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් ක්‍රම උපයෝගී කර ගනිමින් දුම්රිය මාර්ගය ඉදිකරන බවත් අදාළ කොන්ත්‍රාත්කරු විසින් වෙළඳපොලේ පවතින මිල ගණන්වලට වඩා ඉතා ඉහල මිල ගණන් ඉදිරිපත් කරමින් අධික එකක මිලක් ලබා ගැනිමින් දැවැන්ත ලාභයක් උපයා ගැනීමට උත්සාහ කරමින් සිටින බවත් ගිවිසුමට අනුව අවසන් කල යුතුව තිබු දිනය 2016 ජූලි මස 21 වන දා බවත් මේ වන විටත් වසරකට ආසන්න ප්‍රමාධයක් සිදු වී තිබීමද ගැටළුකාරී තත්වයක් බවත් ඉන්ජිනේරු සමාගමේ ජේයෂ්ඨ ඉන්ජිනේරු මොහොමඩ් අක්‍රම් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.

මෙම චීන සමාගමේ අක්‍රමිකතාවයන් හෙළිදරවු කිරීම හේතුවෙන් මේ වන විට මෙම ව්‍යාපෘතියේ නිරීක්ෂණ කටයුතු සිදු කිරීම සිය සංගමයට දැවැන්ත අභියෝගයක් බවට පත්වී ඇති බවද මෙහිදී ප්‍රකාශ කරන ලදි.
මාතර සිට බෙලිඅත්ත දක්වා මෙම දුම්රිය මාර්ගය දුර 26.7 km වන අතර පාලම් 12ක් සහ උමං මාර්ග 2ක් ඇතුලත් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 278 පමණ වැය වන බව පැවසේ.
Related News