ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩල රවී ට
Posted on 06.10.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මුදල් හා ජන මාධ්‍ය, විදේශ කටයුතු, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කාර්යභාර යන අමාත්‍යංශ වලට අයත් විෂයන් ආණ්ඩුව විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කර ඇත.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයට විදේශගත රාජ්‍ය දූත මණ්ඩල ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපාය අධ්‍යයන ආයතනය, ජාතික සමුද්‍ර කටයුතු කාරක සභා ලේකම් කාර්යාලය, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන රාජ්‍ය ආයතන 5ක් සහ ඇති අතර මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යංශයට මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ජාතික අයවැය, රාජ්‍ය ව්‍යවසාය, රාජ්‍ය මුදල්, භාණ්ඩාගාර මෙහෙයුම්, රාජ්‍ය ගිණුම්, වෙළඳ හා යෝජනා ප්‍රතිපත්ති, සංවර්ධන මූල්‍ය, තොරතුරු තාක්ෂණ කළමනාකරණ, නීති කටයුතු, දේශීය ආදායම්, තක්සේරු, කළමනාකරණ සේවා, සුරාබදු යන දෙපාර්තමේන්තු ද රක්ෂණ මණ්ඩලය සහ රේගුව ඇතුළුව රාජ්‍ය ආයතන 33ක් අනුයුක්ත කර ඇත. .
තවද සංවර්ධන කාරභාර අමාත්‍යංශයට රාජ්‍ය ආයතන 3ක් සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට රාජ්‍ය ආයතන 8ක් ද අනුයුක්ත වී ඇත.
Related News