මුතුරාජවෙල වැනසීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට
Posted on 06.09.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මුතුරාජවෙල සංවේදී පරිසර පද්ධතියට කසළ බැහැර කිරීමට එරෙහිව සාදාහරිත පරිසර හා සුබසාධක සංගමය විසින් කොළඹ නාගරික කොමසාරිස් ඇතුළු 11 දෙනෙකුට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
කොළඹ නගරයේ දෛනිකව එකතුවන කසළ ටොන් 800ක් පමණ ප්‍රමාණයක් මෙලෙස කොළඹ මහ නගර සභාවේ නියෝගයෙන් මුතුරාජවෙල ප්‍රදේශයට බැහැර කිරීම හේතුවෙන් ඇතිවී තිබෙන පාරිසරික ගැටළු හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වන බව දක්වමින් අද(09) දින මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
කැලණි ගඟට උතුරින් මීගමු කලපුව දක්වා පවතින මුතුරාජවෙල සංවේදී ප්‍රදේශය වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල වලට අයත් අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම ප්‍රදේශය අගනා සත්ත්ව සහ ශාඛ ගණනාවකින් යුත් ජෛව විවිධත්වයෙන් හෙබි තෙත් බිම් පාරිසරික කලාපයක් වශයෙන් හැඳින්වේ.