தமிழ்
English
Contact
Tuesday 25th July 2017    
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව් දෙනෙකුට එරෙහි දූෂණ චෝදනා « Lanka Views | Views of the truth

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව් දෙනෙකුට එරෙහි දූෂණ චෝදනා




උතුරු පළාත් සභාවේ ඇමතිවරුන් 4දෙනෙකුට එරෙහිව චෝදනා 29 කින් යුත් වාර්තාවක් උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී.විග්නේස්වරන් වෙත ලැබී තිබේ.

මහ ඇමැතිවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව විසින් වංචා ඇතුලත් විමර්ශන වාර්තාව එම පළාත් සභා ඇමතිවරුන්ගේ උතුරු මහඇමැති වරයා අතට ලබා දී ඇත. ඊයේ (8) පැවති පලාත් සභා සැසි වාරයේදී එම වාර්තාව සභාගත කෙරුණද සභාවේ පැවති උණුසුම් තත්වය හේතුවෙන් විවාදයක් සිදු කිරීමට නොහැකි විය. එම්.කේ සිවාජිලිංගම් ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අදාල දූෂණ වාර්තාවේ තීරණය එදිනම ප්‍රකාශ කළ යුතු බවට ප්‍රකාශ කිරීමත් සමඟ එම ප්‍රකාශයට සහය දෙන සහ විරුද්ධ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. එම නිසා පළාත් සභා සැසි වාරය ලබන 9 වැනි දා පවත්වා අදාල දූෂණ වාර්තාව විවාදයට ගත යුතු බවටත් එම විවාදය මාධ්‍ය වෙතට ලබා නොදීමට කටයුතු කරන බවටත් උතුරු මහඇමැතිවරයා ප්‍රකාශ කළේය.

උතුරු පළාත් ඇමතිවරුන්ගේ දූෂණ වංචා සම්බන්ධයෙන් විවිධාකාරයෙන් පැමිණිලි ලැබුණු පසුව ඒවා විමර්ශනය කරන්නට පත් කළ මෙම විමර්ශන කමිටුව විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනකු සහ පරිපාලන ක්ෂේත්‍රයේ විශ්‍රාමික ප්‍රධානියකුගෙන් සමන්විතය. මෙකී විමර්ශනය අපක්ෂපාතී අන්දමින් ස්වාධීනව සිදු කළ බව මහඇමතිවරයා පැවසීය.



Related News