தமிழ்
English
Contact
Tuesday 25th July 2017    
මාධ්‍යවේදින්ට මැරිලා වැටෙන්න ගහනවා! – ජෝන් අමරතුංග « Lanka Views | Views of the truth

මාධ්‍යවේදින්ට මැරිලා වැටෙන්න ගහනවා! – ජෝන් අමරතුංග




මුතුරාජවෙලට කසළ බැහැරකිරීමේ ප්‍රශ්නයක් සම්බන්ධව ප්‍රශ්නකළ ජනමාධ්‍යවේදින් කිහිප දෙනකුට ඇමති ජෝන් අමරතුංග විසින් මරන තර්ජන එල්ල කර තිබේ.

මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය සමග ජෝන් අමරතුංග ඇමතිවරයාගේ නිවසේ පැවැති සාකච්ඡාවකින් පසුව ඔහුට ජනතාව විසින් නගන චෝදනාවක් පිළීබදව ප්‍රශ්නයක් විමසූ විට මෙසේ මරණ තර්ජන කර අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇත. එසේම ඇමතිවරයා පිරිසක් මැද ලජ්ජා බිය නැතිව තර්ජනාත්මකව පවසන්නේ වැරදි පුවත් දැම්මොත් තුන් හතර දෙනාටම පහරදී මරා දමන බවයි.

ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයකු කරන මෙවැනි තර්ජනයක් පිළිබද සුලු කොට තැකිය නොහැකි බව ජනමාධ්‍ය සංවිධාන විසින් අවධානයට ලක් කර තිබේ. ප්‍රකට කාන්තාවක් පිහිනුම් ඇදුමින් සිටින ඡායාරූපයක් ගැනීමෙන් පසුව ඡායාරූප මාධ්‍යවේදියකුගේ  ඝාතන සිදුවීමට සම්බන්ධ චෝදනා ජෝන් ඇමතිවරයාට ද එල්ල විය.

1981 වසරේදී විමල් සුරේන්ද්‍ර නමැති උපාලි පුවත්පත් ආයතනයේ ඡායාරූප මාධ්‍යවේදියා අභිරහස් ලෙස ඝාතනය විය. වත්තල පිහිටි ජෝන් අමරතුංගගේ නිවසට කැදවීමකින් පසුව එම මාධ්‍යවේදියා පැමිණී බව හෙළි විය.

ඇමතිවරයාගේ තර්ජනය සිරස ටීවී වීඩියෝව.



Related News