කසළ ගොඩගැසීමට එරෙහිව හැටන් ප්‍රදේශයේ විරෝධතාවක්
Posted on 06.09.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
හැටන් ස්ටැඩන් වතුයායෙන් අක්කර පහක ඉඩමකට, දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ කසළ බැහැර කිරීමට විරෝධය ඵල කරමින් අද(09) දින වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ගෝෂණයක නිරත විය.
අදාළ ඉඩම ඔවුනට ලබා දීමට එකඟ වී තිබියදී වතු පාලන අධිකාරිය විසින් නගර සභාවට ලබා දී ඇති බවත්, මෙලෙස කසළ ගොඩ ගැසීමෙන් ඇතිවෙන පාරිසරික සහ සෞඛ්‍ය ගැටළුවලට අවසානයේ සිය පවුල්වලට වන්දි ගෙවීමට සිදු වන බවත් ඊට පෙර මෙම ක්‍රියාමාර්ගය නතර කලයුතු බවත් උද්ගොෂකයන් විසින් අවධාරණය කරන ලදි.