මාළිගාකන්ද අධිකරනයේදී රජයේ නිතිඥයා මාටින් නිමොලර්ගේ ප්‍රකාශය උපුටයි!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙක් දින 14ක් රිමාන්ඩ් භාරයේ තබා අද මාළිගාකන්ද අධිකරනයට ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවේ රජය වෙනුවෙන් කරුනු දැක්වීමට අධිනිතිඥවරයකු ඉදිරිපත් විය. ඔහු ප්‍රකාශ කලේ ශිෂ්‍ය ව්‍යාපාරය අද සෞඛ්‍ය අමාත්‍යංශය වැටලීම සුලු කොට තැකුවොත් හෙට අධිකරණයද වැටලීමට ඉඩ තිබෙන බවයි. යුරෝපයේ නාසි භීෂනය වර්ධනය වන අවධියේ නිහඩ නොවී අයුක්තිය ඉදිරියේ සාමුහිකව නැගී සිටීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් මාටින් නිමොලර් විසින් කළ සුප්‍රකට කාව්‍ය නිර්මාණය උපුටාගෙන අධිනිතිඥවරයා ඉහත කාරණය සනාථ කරන්නට උත්සාහ ගන්නා ලදී.

ඔහු එහිදී කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වටලන විට නිහඬව සිටියොත් ජනතාව අධිකරණය වටලන දිනෙක කතා කරන්නට කිසිවෙකුත් නොසිටිය හැකි බවයි. මාටින් නීමොලර් හිට්ලර්ට එරෙහිව අරගල කරන ජනතාව වෙනුවෙන් කළ ප්‍රකාශයක් රජය වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥවරයා විසින් උපුටා දක්වා ඇත.

 

Leave a Reply