தமிழ்
English
Contact
Thursday 28th December 2017    
නිකාය තුනේ නායක හිමිවරුන්ට ව්‍යවස්ථා එපා වෙලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිකාය තුනේ නායක හිමිවරුන්ට ව්‍යවස්ථා එපා වෙලා!



මේ අවස්ථාවේ රටට නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැති බවට බෞද්ධ භික්ෂු නිකාය තුනෙහි නායක හිමිවරු තීරණය කර ඇත.

ඊයේ(04) මහනුවර බෞද්ධ මන්දිරයේ රැස්වී එම නායක හිමිවරුන් විසින් මේ බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ. ආණ්ඩුව වරෙක මැතිවරන ගෙන එන්නට ප්‍රකාශ නිකුත් කරමින් තවත් වරෙක මැතිවණ කල්දමමින් ඒ වෙනුවට ව්‍යවස්ථා සංශෝධනද තවත් වරෙක අලුත් ව්‍යවස්ථාද ගෙන එන බව කියමින් භාරගත් පාලනයේ ගැටලු විසදීම කල්දමනවා මිස ප්‍රමුඛතා මත අවශ්‍ය පියවර නොගන්න බවට පොදුවේ දේශපාලන විවේචනයක් ගොඩනැගී ඇත.

පසුගිය කාලයේ වත්මන් ආණ්ඩුව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා ව්‍යවස්ථා සම්පාදක කමිටුවක් පත් කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නියෝජිත මන්ත්‍රීවරුන්ගෙනි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි ප්‍රමුඛ පොරොන්දු ඉටු කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවට 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් විය. එහිදී මූලික වූයේද මාදුලුවාවේ සෝභිත වැනි භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීමය. ඒ හිමියන් අවසන් වරට ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේද විධායක ක්‍රමය අතහැර පාර්ලිමේන්තුවට වගකියන පාලන ක්‍රමයක් ඇතිකිරීමට නව වයවස්ථාවක් සම්මත කල යුතු බවය. නමුත් නායක හිමිවරු ප්‍රකාශ කරන්නේ මේ තත්වය තුළ රටට එවැනි වෙනසක් අවශ්‍ය නැති බවයි.

කෙසේවෙතත් ඇතැම් නිරික්සකයන් ප්‍රකාශ කරන්නේ බෞද්ධ භික්ෂුන් පාලකයන්ට එක් එක් අවස්ථාවල අනුශාසනා කළ යුතුවා මිස නියෝග පැනවීම නොකළ යුතු බවයි. භික්ෂුන් වහන්සේලාගේ අදහස් සියල්ල පිලිගෙන රට පාලනය කරන්නේ නම්  ජනතාව ඡන්දයෙන් නියෝජිතයන් පත් කරන පාර්ලිමේන්තු පාලනයක් රටට අවශ්‍ය නොවන බවය.




Related News