පෞද්ගලික විශ්වවිද්‍යාලවල සම්බන්ධ විරෝධය ඇත්තේ ප‍්‍රමිතියක් නොමැතිකම පිළිබඳව නම් ඒ සදහා නව නීති ගෙන ඒමට පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසා තිබේ.
පෞද්ගලික විශ්වවිද්‍යාල සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලද ප‍්‍රමිතිය ආරක්‍ෂා කිරීමට ආණ්ඩුව අපේක්‍ෂා කරන බව ප්‍රකාශ කරන ඇමතිවරයා ඒ සම්බන්ධව ඉක්මනින් ක්‍රියාත්මක වන නීති ගෙන එන බවත් එවිට විරෝධතා පහවනු ඇති බවත් කියයි. එසේම විවිධ දේශපාලන අරමුණුවලට කටයුතු කරන අයට රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට හෝ එය ආපස්‌සට හැරවීමට කිසිලෙසකින්වත් ඉඩ නොතබන බව පවසන ඇමතිවරයා රජයේ ප‍්‍රතිපත්ති සම්බන්ධව උද්ඝෝෂකයන්ට තීන්දු තීරණ ගත නොහැකි බව අවධාරණය කර ඇත.