தமிழ்
English
Contact
Wednesday 26th July 2017    
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය « Lanka Views | Views of the truth

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය




බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අදට යෙදී තිබේ. වාර්තා වන අන්දමට තෙරේසාමේගේ නායත්වයෙන් යුත් කන්සර්වෙටිව් පක්ෂය හා ජෙරමි කෝබින්ගේ නායකත්වයෙන් යුත් ලේබර් පක්ෂය අතර කරට කර තරගයක් ලෙස මෙම මැතිවරණය පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය කාලය පුරා බි‍්‍රතාන්‍ය කුල ඇතිවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන් කිහිපය හේතුවෙන් මැතිවරණ කි‍්‍රයාවලියට යම් බලපෑම් එල්ලවී තිබුණත් මැතිවරණය ආසන්න වන දින කිහිපය තුල බි‍්‍රතාන්‍ය ජාතිකයින් තුල මැතිවරණ උණුසුම පැතිර ගොස් ඇති බව වාර්තාවේ.

එය විදහා දැක්වෙන එක් අවස්ථාවක් ලෙස මැතිවරණය සදහා පැවැති ලේබර් පක්ෂයේ අවසන් රැලියට අතිවිශාල පිරිසක් සහභාගීවී සිටීම මගින් පෙන්නුම් කරනුයේ මෙවර මැතිවරණයේදී ලේබර් පක්ෂයට ප‍්‍රබල තත්වයක් හිමිවන ඇති බවයි.

ලේබර් පක්ෂයට නායකත්වය දෙන ජෙරමි කෝබින්ට සිය පක්ෂය තුලද දැඩි බාධක හා අභියෝග ගණනාවක් ජය ගන්නටද සිදුව තිබේ. ඒ අතරින් ලේබර් පක්ෂයේ දක්ශිණාංශික  කණ්ඩායම වන හිටපු නායක ටෝනි බෙලෙයාර්ගේ අනුගාමිකයින් විසින් කෝබින්ගේ මැතිවරණ කි‍්‍රයාවලිය හා අනෙකුත් වැඩ කටයුතුවලට දැඩි ලෙස අකුල් හෙළමින් තිබෙන බව වාර්තාවේ. මේ අභ්‍යන්තර තත්වයද කෝබීන්ගේ මැතිවරණ කි‍්‍රයාවලියට බලපා තිබේ.

වත්මන් අගමැතිනිය වන තෙරේසාමේගේ සමාජ සුභසාධන කප්පාදුවත් තරුණ රැකියා විරහිතභාවය හා උසස් අධ්‍යපන කටයුත්වලට අයකරනු ලබන මුදල් ප‍්‍රමාණයන් ඉහළ දැමීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් තෙරේසාමේගේ කන්සර්වේටිව් පක්ෂයේ ජනපි‍්‍රයභාවය විශාල භාධාවක් ඇති බව පෙනීයයිග මේ තත්වය හේතුවෙන් පහළ ආධායම් ලබන ජනයා අතර යහපත් ප‍්‍රතිචාරයක් නැති බව පෙනීයයි.

ලේබර් පක්ෂයට මෙවර මැතිවරණයේදී ඇති එක් වාසිදායක තත්වය බවට පත්වී ඇත්තේ තරුණ කොටස් අතර හා අඩු ආධායම් ලබන්නන්ගෙන් ලැබෙන අතිවිශාල ප‍්‍රසාදයයි.මෙය එම පක්ෂයට යම් වාසිදායක තත්වයක් දක්වා වර්ධනයවී තිබෙන බව මැතිවරණය ආසන්න මොහොතේදී විශේෂයෙන් දක්නට ලැබුනූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය කාලය පුරාම එරට ජනමාධ්‍යවල වැඩි නැඹුරුතාවයක් තෙරේසාමේ ට ලබා දෙන තත්වයක් තිබුණත් ජනතා ආකර්ශණය කෝබීන් වෙත ලැබෙන්නටවීම හේතුවෙන් ලේබර් පක්ෂයටද සැලකිය යුතු අනුග‍්‍රහයක් ලබාදීමට එරට දක්ෂිණාංශික මාධ්‍ය ආයතනවලටද සිදුව ඇති බව පෙනේ.

කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය තුල තෙරේසාමේ හෝ කෝබීන් යන දෙදෙනොගෙන් කවරකු පත්වුවද එය එරට වැඩකරන ජනතාවට විශේෂ සහනයක් ගෙන නොදෙන බව සටහන් කර තැබිය යුතුය.

නමුත් යම් පමණකට හෝ එරට පැවැති සමාජ සුභ සාධන වැඩපිළිවෙලට අත තැබීමේ තෙරේසාමේගේ උත්සාහය යම් පමණකට හෝ අඩපණ කිරීමට බි‍්‍රතාන්‍ය ඡන්දදායකයා සමත්වනු ඇති දැයි තීරණය වනු ඇත.

 



Related News