ගායන ශිල්පි ප්‍රින්ස් උදය ප්‍රියන්ත අභාවයට පත් වේ!
Posted on 06.08.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
කලක් යොවුන් පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පියකු වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද(8) අභාවයට පත් විය.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත වසරක් පමණ කාලයක දැඩි අසනීප තත්ත්වයේ පසුවූ අතර ඔහුගේ සොයුරියගේ රැකවරණ මැද ජීවත් විය. මිය යන විට ඔහු 47 වැනි වියේ පසුවූ ගායන ශිල්පියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පවුලේ ආරංචි පවසයි.

Related News