Posted on 06.08.2017 by Lahiru Umayangana in සලරූ with 0 Comments
සත්‍ය කාතාවක් පදනම් වෙමින් දිගහැරෙන මෙම සිනාමා නිර්මාණය තුළින් ඉන්දියාවේ 1984 වර්ෂයේ දෙසැම්බර් මස 2 වන දින සිදුවූ බෝපාල් ව්‍යවසනය සම්බන්ද කතා පුවත ගෙනහැර දක්වයි.

2014 වර්ෂයේ තිරගත් වුනු විනාඩි 96ක් පුරා දිවෙන මෙම සිනමා නිර්මාණය සඳහා IMDB 7.3ක ඉහල අගයක් හිම්වී ඇති අතර මෙය ඉන්දීය අධ්‍යක්ෂක රවී කුමාර් විසින් ගෙත්තම් කරන ලද්දකි.
1984 වර්ෂයේදී ඉන්දියාවේ ඉතාමත් දිළිඳු ජනතාවක් වාසය කරන බෝපාල් ප්‍රදේශයේ පැවති රසායනික කම්හලක් සිය ලාභ වැඩි කරගැනීමේ අරමුණින් ආරක්ෂණ ක්‍රියා පිළිවෙත් මඟහරිමින් දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වීම මත සිදුවන පිපිරීමක් හේතුවෙන් පැය කිහිපයක් ඇතුලත එම ප්‍රදේශයේ ජීවත් වෙන 10,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ අතිශය ඛේදනීයය කතා පුවත මෙම සිනමා කෘතියෙන් ඉදිරිපත් වේ.
මෙම සිදුවීම ඉතිහාසයේ දැවැන්තම කාර්මික අනතුර ලෙස හදුන්වනු ලබයි.
ඉන්දීය රජය සහ අමාත්‍යවරුන් සමඟ ගිවිසුම් වලට එළඹීම හේතුවෙන් සීමා විරහිතව අතිශය විෂ සහිත රසායනික ද්‍රව්‍ය මුසු කරමින් විශාල ප්‍රමාණයන්ගෙන් නිෂ්පාදන කටයුතු මෙහෙයවීමට මෙම යූනියන් කාර්බයිඩ්(Union Carbide Corporation) සමාගමට හැකියාව ලැබේ. එත් අවසානයේ සමාජ යතාර්ථය මනාවට පිළිඹිබු කරමින් කිසිදු වන්දියක් හෝ නොගෙවා අදාළ සමඟම මෙම අපරාධයෙන් ගැලවී යන්නේ ඉන්දීය සේවකයින් කිහිප දෙනෙකු වරදකරුවන් කරමිනි.

බෝපාල් ව්‍යවසනයේ ප්‍රතිඵල අදටත් බුක්ති විදිමින් සිටින එම ප්‍රදේශයේ බහුතරය මොනයම් හෝ විකෘත්තිතාවයකින් පෙලීම අතිශය සාමාන්‍ය තත්වයක්ව ඇත. අද උපදින දරුවන් පවා මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙමින් තිබේ.