தமிழ்
English
Contact
Wednesday 26th July 2017    
තුර්කි හමුදා කටාර් වෙත « Lanka Views | Views of the truth

තුර්කි හමුදා කටාර් වෙත




තුර්කි හමුදා කටාර් වෙත හදිසියේ යැවීමට තුර්කි පාර්ලිමේන්තු අනුමැති හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ දිනවල මතභේදයට ලක්ව ඇති කටාර් රාජ්්‍ය සමග පැවැති රාජ්‍ය තාන්ති‍්‍රක ම්බන්ධතා අර්බූදයත් සමග එරට පිහිටි සිය හමුදා කණ්ඩායම් සමග තවත් භටයන් විශාල ප‍්‍රමාණයක් හදිසියේ යැවීමට තුර්කිය සුදානම්වේ. 2014 වසරේ දෙරට අතර ඇති කරගත් ආරක්ෂක ගිවිසුමකට අනුව කටාර්හි තුර්කි හමුදා කදවුරක් ස්ථාපිත කොට ඇත.

පසුගියදා සෞදි අරාබිය යූ.ඒ.ඊ හා ඔ්මානය.ඊජිප්ත්ව යන රටවල් විසින් කටාර් රාජ්ජ්‍ය සමග පැවැති සියලු සබදතා අතහැරීමට තීරණය කිරීමත් සමග කටාර්හි දේශපාලන අර්බූදයක් නිර්මාණය කෙරිනි. මෙම තීණය තුර්කිය විසින් ගැනීමට පියවර ගෙන ඇත්තේ මෙවැනි වටපිටාවක් තුලයි.

මේවන විට තුර්කි පාර්ලිමේන්තුව විසින් මෙම හදිසි හමුදා භටයන් කටාර් වෙත යැවීමට අවශ්‍ය අනුමැති ලබා දී ඇති බව වාර්තාවේ. තුර්කි ජනාධිපතිවරයා මෙම අර්බූදය ගැන අදහස් දක්වමින් පවසා ඇත්තේ ගල්ෆ් කලාපයේ ඇතිව තිබෙන මෙම අර්බූදකාරී තත්වය රාජ්‍ය තාන්ති`කව විසිදා ගැනීමේ කඩිනම් කි‍්‍රයා මාර්ගයක් සකස් කළ යුත් බවත් එසේම බාහිර ප‍්‍රාර්ශවයන් එම අර්බූදයන් විසදා ගැනීමට ඔවුන්ට ඉඩදිය යුතු බවයි.



Related News