ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු එෆ්.බී.අයි. ප්‍රධානියාගේ පක්ෂපාතිත්වය ඉල්ලලා
Posted on 06.08.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පසුගිය අගහරුවාදා එක්සත් ජනපද කොංග්‍රස් කමිටුව හමුවේ ප්‍රකාශයක් කරමින් එරට හිටපු එෆ්.බී.අයි ප්‍රධානී ජේම්ස් කොමී පවසා ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා හමුවූ විට තමාගෙන් සිය පක්ෂාතීත්වය අපේක්ෂා කරන බව පැවසූ බවයි.
පසුගිය මැයි මස 09 දින ජේම්ස් කොමීව සිය ධූරයෙන් ඉවත් කිරීමට ප්‍රථම අවස්ථා තුනකදී පුද්ගලිකව හමුවී ඇති බවත් ඊට අමතරව දුරකතනයෙන් අවස්ථා හයදී අදහස් හුවමාරු කරගෙන තිබෙන බවද ඔහු එහිදී පවසා ඇතැයි වාර්තාවේ. එම සංවාදවලදී රුසියානු ගනු දෙනු ගැන ජනාධිපතිවරයාට එරෙහිව පරීක්ෂණ පවත්වන්නේ නැති බව තමා පවසා සිටිබව ප්‍රකාශ කර ඇත.නමුත් ජනාධිපතිවරයාගේ සමීපතමයින්ගේ සමහර ගනුදෙනු පිළිබදව විමසා බැලීමට තමා පියවර ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට පැවසූ බවද කොමී විසින් හෙලිකර ඇත.
ජනාධිපතිවරයා තමා හමුවූ එක් අවස්ථාවක එරට හිටපු ජාතික ආරක්ෂ උපදේශක මයික් ෆ්ලින්ට එරෙහිව ඇති චෝදනා ඉවතදැමීමට කටයුත් කරන ලෙස ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බවද එදින කොංග්‍රස් මණ්ඩලය හමුවේ ලබාදුන් ප්‍රකාශයේ සදහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති බැරක් ඔබාමා සිය සේවා කාලයේ වසර තුණක් තුල තමට කතා කර ඇත්තේ ඇත්තේ අවස්ථා දෙකකදී බවද නොමී විසින් වැඩිදුරටත් කොංග්‍රස් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
Related News