200ක් මියගිය පසු හෙළිවූයේ ආපදාවට සූදානම් වී නොසිටි බවයි!

ආපදා තත්වය නිසා ඇතිවූ විනාශයට බොහෝ දුරට වගකිවයුත්තේ ආපදා තත්වයකට ආණ්ඩුව සතුව ප්‍රමාණවත් පෙරසූදානමක් නොමැතිකම බවට විවේචනයක් ඉදිරිපත්ව තිබේ.

ආපදා කලමනාකරන අමාත්‍යංශ ආරංචිමාර්ග අනුව, බලධාරින් විසින් ගංවතුර තත්වයට අවශය මෙවලම් එකතු කිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය 25 වැනිදා මහවැසි වැටෙන අවස්ථාවේදීය. ජීවිතාරක්ෂක කබා, බ්ලැන්කට්, කූඩාරම්, ජංගම සනීපාරක්ෂක සේවා උපකරණ හා කු ආදිය පවා විදේශ රටවලින් ආධාර ලෙස ඉල්ලා ඇත්තේ එදිනය. මෙසේ ආපදාවට සහාය වන ලෙස විදේශයන්ගෙන් ඉල්ලා ඇති බාණ්ඩ ලැයිස්තුවට ගිනිපෙට්ටි, විදුලි පන්දම් හා පානීය ජල බෝතල්ද ඇතුලත් කර තිබුනු බව දැනගන්නට ඇත. මේ පිළීබද ප්‍රශන කළ විට ඔවුන්ගේ පිළිතුර වී තිබුනේ අවශ්‍ය තරම් තොග රැස්කර තබාගන්නට ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ කල් ඉකුත්වන භාණඩ තොග රැස්කිරීම නාස්තිකාර ක්‍රියාවක් බවය. කෙසේවෙතත් මෙම සැපයුම් ඉක්මන් අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයෙන් එක්රැස්කිරිමට පෞද්ගලික අංශය හරහා වැඩි මිලගණන්වලට හදිසි මිලදී ගැනීම් සිදුකළ බවටද ආපදා කලමනාකරන අමාත්‍යංශ වාර්තා හෙලිකරයි

 

Leave a Reply