බස් ගැමුණුට උත්තර දෙන්න පොලිස්පති මානව හිමිකම් කැඳවයි

pogitha

වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර සහ රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවා ඇත. පොලිස්පතිවරයා හා නියෝජ්‍ය පොලිසිපතිවරයා මෙලෙස කැඳවා ඇත්තේ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්නගේ පැමිණිල්ලකට අනුවය.

බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විසින් මේ වන විට මාර්ගවල පවතින අධික රථවාහන තදබදය හා මාර්ග අවහිරතා හේතුවෙන් බස් සේවකයන්ට මුහුණුදීමට සිදුවන අවහිරතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත. අදාල පැමිණිල්ල විභෘග කිරීමට පොලිස්පතිවරයා හා නියෝජ්‍ය පොලිසිපතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවා ඇත.