මදුනාගල ආරණ්‍ය සේනාසනයේ කැලෑබද ප්‍රදේශයකදී වයස අවුරුදු 69ක් පමණ වන හිමිනමක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
මෙලෙස සිය දිවි හානිකරගෙන ඇත්තේ මිල්ලෑව ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක වැඩ සිටි හිමිනමක් බව සඳහන්ය.
ගිනි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය හම්බන්තොට රෝහලේදී සිදුකිරිමට නියමිතය.
අම්බලන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.