උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂවරන් මහතාගේ වත්මන් ක්‍රියාකලාපය හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ඔහු පිළිබඳ අප්‍රසාදයට පත්ව සිටින බව ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.
පසුගිය මහ මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධාන මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා උතුරැ පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් සහභාගී නොවීම හේතුවෙන් ගැටලු සහගත තත්වයක් උද්ගතව ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.
පාර්ලිමේන්තුවට තේරී පත්වු වන්නි මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රීවරුන් පිළිගැනීම වෙනුවෙන් වව්නියාව ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකදී මාවෙයි සේනාධිරාජා මහතා මෙම අදහස් පළ කළේය.
විශේෂයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් පවත්වා ඇති අවස්ථාවක ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා යළි ඉල්ලා සිටීම හාස්‍යජනක කරුණක් බව මාවෙයි සේනාධිරාජා එම රැස්වීමේදී පවසා සිටියේය.
යුද්ධය අවසන් වූ දිනවල සිදුවූ වායැයි කියන සිදුවීම් පිළිබදව තම පක්ෂයේ ද මැදිහත්වීමෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව අදාළ විමර්ශනය පැවැත්වු බවත්, එහි වාර්තා ඉදිරි සැසිවාරයන්හිදි එළිදැක්වීමට නියමිත බවත්, ඔහු පෙන්වාදෙයි.
එවැනි තත්වයක් තිබියදී යළිත් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙසට මහ ඇමැති විග්නේෂ්වරන් සිදුකළ ඉල්ලීම ඒ පිළිබඳ අවබෝධයක් නොමැති වීම හේතුවෙන් සිදුකරන ලද්දක් බවයි මාවෙයි සේනාධිරාජා පවසා ඇත්තේ.
මෙම තත්වය හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායකයින් ඇතුළු දෙමළ ජාතික සන්ධාන නායකයින් තීරණයක් ගත යුතුව ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

