හම්බන්තොට වන අලි කලමනාකරන රක්ෂිතයේ ඉඩම් අක්කර 1000ක් කර්මාන්ත නගරයක් ඉදිකිරීම සදහා චීනයට පැවරීමේ ගිවිසුමක් අත්සන් කර ඇතැයි පරිසර සංරක්ෂන භාරය පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දා චීනයේ කළ සංචාරයේදී මෙම ගනුදෙනුවට අදාල ගිවිසුමක් අත්සන් කර ඇති බව පරිසර සංරක්ෂන භාරයේ සජීව චාමිකර නිකුත් කළ වාර්තාවකින් චෝදනා කරයි.
2009-2011 කාලය තුළ හම්බන්තොට ජනතාව හා පරිසර සංවිධාන නියෝජිතයන් එක්ව කළ සැලැසුමකට අනුව 2012දී ගජමිතුරෝ සංවිධානය විසින් කළ යෝජනාව අනුව හම්බන්තොට දිස්ත්‍රික් වන අලි කලමනාකරන ව්‍යාපෘතිය යටතේ අලි කළමනාකරන රක්ෂිතයක්, විදුලි වැට ඉිදිකිරීම් හා අලිමංකඩ විවෘත කිරීමට නියමිත විය.
එහෙත් මෙම වන අලි කළමනාකරන රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම දේශපාලන අවශ්‍යතා අනුව සිදු විය. යෝජිත රක්ෂිතයට අයත් භූමි ප්‍රෙද්ශයේ ගල්වලවල් පවත්වාගෙන යාම, බොරලු කැණීම, වානිජ වගාවන්ට බිම් එළිපෙහෙළි කිරීම හා වෙනත් විනාශකාරී ක්‍රියා සිදුවෙමින් තිබේ. මෙවැනි ආකාරයට වන අලි වාසභූමි වනසා දැමීම නිසා අලි ගම්වැදීමෙන් වැසියන් 8දෙනකු මරණයට හා දෙනෙකු පූර්ණ ආබාධිත තත්වයට පත් විය. වනජිවි නිලධාරින් ඒ ඒ අවස්ථාවල විවිධ ආරක්ෂක උපක්‍රම යෙදවූවද ප්‍රශ්නයට විසදුම ලෙස යෝජනා කළ වන අලි කළමනාකරන පනත ක්‍රියාත්මක කිරීමක් සිදු නොවීය. මෙම තත්වය තිබියදීම වන අලි ගම්වැදීම නිසා වන අලින් 14 දෙනකු ඝාතනය කර හෝ විදුලි සැර වැදී මියගොස් ඇත.මෙම පසුබිම යටතේ චීනයට ඉඩම් පැවරීමෙන් අලි මිනිස් ගැටුමහ පාලනය කිරීමටත් වන අලි කළමනාකරනයටත් සකස්කළ සැලසුම ව්‍යර්ථවන්නට නියමිත බව පරිසරවේදීන්ගේ අදහසයි.

යෝජිත හම්බන්තොට වනඅලි කලමනාකරන සැලැසුමට සම්බන්ධ සිතියමක්-මූලාශ්‍රය ‘පරිසර සංරක්ෂන භාරය‘

