සීග්‍රගාමී කාර්යාල දුම්රිය මන්දගාමීයි – මගීන්ගෙන් චෝදනා

train

හික්කඩුව – මරදාන සීග්‍රගාමී කාර්යාල දුම්රිය විධිමත්ව ධාවනය නොකරන බවට එහි ගමන් ගන්නා මගීන් චෝදනා කරයි. පෙරවරු 05.20 ට හික්කඩුවෙන් ගමන් ආරම්භ කරන කාර්යාල දුම්රිය, යළි පස්වරු 5.00 ට කොටුවෙන් පිටත්වන අතර කොළඹ කාර්යාල වල සේවය කරන විශාල පිරිසක් ගමන් ගන්නේ මේ දුම්රියේය.

පසුගිය සඳුදා සිට දෙවැනි පන්තියේ මැදිරි 4න් එක් මැදිරියක් ඉවත් කර ඇත. මෙම දුම්රියේ වැඩි වශයෙන් ගමන් ගන්නේ වාර ප්‍රවේශපත් ලබාගත් පිරිස් වන අතර දෙවැනි පන්තියේ මාසික ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන්ටත් මේ වනවිට තෙවැනි පන්තියේ ගමන් කිරීමට සිදුව තිබේ.

මෙම තත්වය තුළ  තෙවැනි පන්තියේ ප්‍රවේශපත් ලබාගත් මගීන් ද බලවත් අපහසුතාවයකට පත්ව තිබේ. විවිධ අවස්ථාවල දී මෙම දුම්රිය වෙනුවට වෙනත් දුම්රියක් ආදේශ කරන අවස්ථා ද පවතින බව ට තවත් චෝදනාවක් පවතින බව ජනරළ වාර්තා කරයි.

මධුරි මුණසිංහ

Leave a Reply