විපක්ෂය බෝලෙ උස්සලා දෙනවා. ආණ්ඩුව ඩෑෂ් ගහනවා – පුබුදු ජයගොඩ

pubudu-atthidiya-1

‘හයිබි‍්‍රඞ්’ආණ්ඩුවක් යටතේ ජනතාව ‘හයිජැක්’වීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සම්මන්ත‍්‍රණ මාලාවක් ආරම්භ කළේය. එහි පළමු පියවර පසුගිය 29වැනිදා ගාල්ල නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කළ අදහස් දැක්වීම සංෂිප්තව මෙසේ සටහන් කරමු.

දැන් ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් අවසන්වෙලා අලූත් පාලනයක් ඇතිවෙලා තියෙනවා. ඉතිහාසයේ පළමු වරට ශී‍්‍රලනිපයයි එජාපයයි එකට එකතුවෙලා හයිබි‍්‍රඞ් පාලනයක් හදලා තියෙනවා. ඒ පාලනය ජනතාවගේ ප‍්‍රශ්න විසඳනවා කියන අපේක්ෂාව බිඳවට්ටලා තියෙනවා. ඔවුන් දැන් පරණ රාජපක්ෂ ගමන් කරපු පාරෙම ගමන් කරමින් ඉන්නවා. මැතිවරණයේදී අපි කිව්වා පාර්ලිමේන්තුවේ ආණ්ඩුව විපක්ෂය කියලා හැදෙන්නේ එකම ප‍්‍රතිපත්තියක් තියෙන කණ්ඩායමක් කියලා. ඒවගේම අපි කිව්වා විපක්ෂය කාර්ය කරන්න පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක් නිර්මාණය විය යුතුයි කියලා. ඒ කතාව සනාථ කරමින්, ආණ්ඩුවට හිතවත් විපක්ෂයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන් ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේනගෙ ජයග‍්‍රහණය කරවන්න වැඩ කළ අය.
දැන් හොරකම් කරනවාද? පරණ ඇවන්ගාඞ් හොරකම අල්ලනවාද නැද්ද? කියන එක ගැන තමයි ප‍්‍රශ්නෙ තියෙන්නේ.

දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂය බෝලෙ උස්සලා දෙනවා. ආණ්ඩුව ඩෑෂ් ගහනවා. විපක්ෂයට තියෙන ප‍්‍රශ්නේ තමයි එජාපයට හොඳ අමාත්‍යාංශ තියාගන්නේ නැතිව පරණ ආණ්ඩුවෙ හිටපු අයට අමාත්‍යාංශ දීලා තියෙන්නේ ඇයි? වැනි ප‍්‍රශ්න.
මහින්ද රජපක්ෂ මහත්තයා ඉස්සරහට දාගෙන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන වැනි ඔක්කොම එකතුවෙච්ච ජාතිවාදි, ආණ්ඩු විරෝධි පෙරමුණක් විපක්ෂය බවට පත්වෙන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒක භයානකයි. මහින්ද රාජපක්ෂ බලේ ඉන්න කාලෙ කි‍්‍රයාත්මක වුණා. ඒක රාජ්‍යයේ නිල මතවාදය බවට පත් වුණා. සිංහල ජාතිවාදය, ආගමික අන්තවාදය ඔවුන්ගේ නිල මතය ලෙස ප‍්‍රකාශ කරමින් හිටියා.

දැන් වෙලා තියෙන්නේ ඒ මතය විපක්ෂයේ නිල මතය බවට පත්වෙලා. ඒ නිසා විපක්ෂය ජාතිවාදි වුණාම ඒක තව රැුඩිකල්වෙලා එනවා. විපක්ෂය කියන භූමිකාව පාර්ලිමෙන්තුවේ ඉටු කිරීම ජාතිවාදය බවට පත්වෙලා තියෙනවා. අවදානම් සහගත තත්වයක් පාර්ලිමේන්තුව තුළ උද්ගත වෙමින් තියෙනවා.

නිල විපක්ෂය ආණ්ඩුවේ මතය දරමින් පොඩි පොඩි පාර්ශ්ව විවේචනය කරමින් ඉන්නවා.
මේ තත්වය ඇතුළේ ජනතාවට මොකද වෙන්නේ? ගුවන්යානා පැහැර ගනිද්දි, ප‍්‍රාණ ඇපකරුවන් පැහැර ගනිද්දී අපි කියනවා මිනිසුන්ව හයිජැක් කරනවා කියලා. රටක් විසින් මිලියන 20ක ජනතාව හයිජැක් කරලා තියෙන්නේ ජනතාව ප‍්‍රාණ ඇපයට තියාගෙන. ඒ අය විවිධ දේශපාලන න්‍යාය පත‍්‍ර කි‍්‍රයාත්මක කරමින් ඉන්නවා. මේ තත්වය ඉදිරියෙ අපි මොකද කරන්නේ?

දැන් අපි මුහුණදීලා තියෙන තත්වය එක අවුරුද්දක ඉතිහාසයකින් කතා කරලා ලිහාගන්න පුළුවන්. ඉදිරියේදී අපි වෙන්නෙ මොකක්ද කියලා සංවාදයක් හදාගන්න අවශ්‍යයි. ඉදිරියේදී වෙන්නෙ මොකක්ද කියලා දැන ගත්තොත් තමයි ජනතාවගේ ජයග‍්‍රහණයේ පාර හොයා ගන්න වෙන්නේ. ගිය අවුරුද්දේ වුණේ මොකක්ද කියාලා අපිට මතක නැහැ. ඒ නිසා තමයි දේශපාලන කරලියේ එක එක සෙල්ලම් කරන්න පටන් අරන් තියෙන්නේ. අවුරුද්දකට කලින් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තිබුණේ නවලිබරල් ප‍්‍රතිසංස්කරණවල දෙවැනි ඉනිම පටන්ගෙන. ඒක හැම ක්ෂේත‍්‍රයකම තිබුණා. 1984දී ජලය සඳහා බද්දක් පනවලා තිබුණා. ජලය වෙළෙඳ භාණ්ඩයක් කරන්න උත්සාහ කළා. ඒ නිසා 2012දී, 2014දී වයඹ පළාත් සභාව සහ උතුරු මැද පළාත් සභාවට ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය සම්මත කරලා තිබුණා. 84 කරගන්න බැරිවුණ දේ පළාත් මට්ටමින් ආරම්භ කළා.

1981 වෙනකොට උතුරු කොළඹ පෞද්ගලික වෛi විද්‍යලය නමින් පෞද්ගලික වෛi විද්‍යාලයක් පටන් ගත්තා. එදා ඒ වෛi විiාලයට විරුද්ධව විශාල උද්ඝෝෂණයක් පැන නැගුණා. එදා ඒක සම්පූර්ණ කරගන්න නොහැකිව හිටියේ. නමුත් මහින්දගෙ පාලනය විසින් මාලඹේ පෞද්ගලික වෛi විද්‍යාලය ආරම්භ කළා. ජේආර්ට කරන්න බැරිවුණ දේවල් තමයි මහින්ද කරමින් හිටියේ. ඒක කලේ එයාටම ආවේණික ශෛලියකින්. ඒකට කිව්වේ මැදමුලන ශෛලිය කියලා. සමහරුන්ට ඕනවෙලා තිබුණා ඒක සිංගප්පුරු ශෛලියකින් ලන්ඩන් ශෛලියකින් කරගෙන යන්න. මහින්දගෙ වැඩපිළවෙළ පරද්දන්නේ කොහොමද? කියන අර්ථයෙන් තමයි මහින්ද පරද්දමු කිව්වෙ. සිවිල් සමාජයයි, කලාකරුවො කියන අයයි ජනාධිපතිවරණයේදී එජාපය වටා ගොනුවුණ දේශපාලන පක්ෂ ටිකයි ඔක්කොම කිව්වෙ මහින්ද පරදමු කියලා. ඔහු ගෙදර යවන අර්ථයෙන් යැව්වොත් මේ ප‍්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා කිව්වා. මහින්ද ජනාධිපති පුටුවෙද, එහෙම නැත්නම් මන්ත‍්‍රිී පුටුවෙද කියන ප‍්‍රශ්නය මත අපේ ඉරණම තීරණය වෙන්නෙ නැහැ. මහින්ද නැමැති පුද්ගලයා වෙනුවට ඔවුන් විසින් කි‍්‍රයාත්මක කරන ප‍්‍රතිපත්තිය වැඩපිළිවෙළ තේරුම් ගන්න ඕන. ඔහු ගියා කියලා ප‍්‍රශ්න විසඳිලා නැහැ.

ඒ වැඩපිළිවෙළ තමයි මේ දෙවැනි මහින්ද කරන්නේ. එහෙම නැත්නම් මෛතී‍්‍ර, රනිල් කියන නම් තියෙන අය කි‍්‍රයාත්මක කරමින් ඉන්නේ මහින්දගේ ශෛලියේ ප‍්‍රධාන එකක් තමයි බලහත්කාරය. උදාහරණයක් විදිහට කෘෂි කර්මාන්තය පෞද්ගලිකකරණය කරන්න යන කොට ගොවීන් විරුද්ධ වුණාම ගොවීන්ට පහර දුන්නා. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට විරුද්ධව ශිෂ්‍යයෝ නැගිටින කොට ශිෂ්‍යයන්ට පහර දුන්නා. ගම්පහ රතුපස්වලදිත් හංවැල්ලෙ තුන්නානෙදිත් ජනතාව පරිසර දූෂණයට එරෙහිව නැගිටින කොට වෙඩි තිබ්බා.

උතුරෙ ජනතාව තමන් මුහුණ දීලා ඉන්න ජාතික පීඩනයට එරෙහිව සටන් කරද්දි ඔවුන්ට එරෙහිව මර්දනය කි‍්‍රයාත්මක කළා. යුද්ධයෙන් පස්සෙත් උතුරෙ හා නැෙඟනහිර පුරවැසියන් දහයකට එක හමුදා භටයා ගානේ ස්ථානගත කළා. මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම මිලිටරිකරණය කළා. ඒක කොච්චරද කියනවා නම් හමුදාවේ ධුර දෙන විදිහට විදුහල්පතිවරු පත් කරන්න තීරණය කළා. විදුහල්පතිවරුකර්නල්ලා වුණා. විශ්වවිද්‍යාලවල පාසල්වල ශිෂ්‍යයන්ට හමුදා පුහුණුව දෙන්න පටන් ගත්තා. මුළු ජනගහනයම හමුදා මානසිකත්වයක් තියෙන මිනිස්සු කරන්න උත්සාහ කළා. රජයේ වගකීම් සහගත තනතුරුවලට හමුදා නිලධාරින් පත් කිරීමේ වසංගතයක් කි‍්‍රයාත්මක වුණා. තානපතිවරුන්ගෙන් භාගයක් ඉන්නේ හමුදා නිලධාරින්. තමන්ගෙ මතයට විරුද්ධ වෙන අය සුදුවෑන් දාලා පැහැරගෙන යන, වධකාගාරවල මරන, දැලිපිහිවලින් කපන තත්වයක් තිබුණා. හැම තිස්සෙම බලහත්කාරය තමයි පාවිච්චි කළේ. බලහත්කාරයක් එක්ක ඉස්සරහට යන්න බෑ. අවනත කරගැනීම හරහා තමයි ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි මූලධර්මය. හැබැයි ඒ පාලන මූලධර්මය මහින්ද රැුක්කේ නැහැ. අන්න ඒකට විරුද්ධව තමයි අවනත කර ගැනීමට වැඩි බරක් තියාලා බලහත්කාරය දෘෂ්ටිමය බලහත්කාරයකට ගෙනාවේ. ගහලාල කපලා කොටලාල මරලා කායික බලහත්කාරය පාවිච්චි කරලා මිනිසුන්ගේ මොල හෝදනවා. ඔවුන් අවනත කරගන්නවා. ඒකට තමයි එයාලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ දඹුල්ලේ පැල්වෙහෙර බීජ ගොවිපොළ පෞද්ගලිකකරණයට විරුද්ධව උද්ඝෝෂණය කළා.

පොලිසිය දාලා  අතපය කුඩුවෙන්න ගැහුවා. ශිෂ්‍යයන්ට පසුගිය මාර්තු මාසයේ ගහපු විදිය දැක්කා. යාපනේ ජනතාවට ලිංගික හිංසනයන්ට පෙළඹෙන අපරාධකාරයො ආරක්ෂා කරන්න පොලිසිය ඉදිරිපත්වෙනවා. ඔවුන්ට දේශපාලන රැුකවරණය දෙනවා කියාලා ඒකට විරුද්ධව පාරට බස්සට පස්සේ එකසිය ගාණක් ජනතාව අත් අඩංගුවට ගත්තා. රත්නපුර කහවත්තේ කොටකෙතන ජනතාව අධිකරණ තීන්දුවක් ආපු වෙලාවේ ඒය සාධාරණ නැහැ කිව්වට පස්සේ එලවඑලවා ගැහුවා. ඒ උතුරේ වෙනකොට එල්ටීටීඊයෙන් කිව්වා රත්නපුරේ වෙන්නේ එල්ටීටීඊයෙන්ද? දිවුලපිටිය කොටදෙනියාවෙන් උද්ඝෝෂණ කළේ එල්ටීටීඊයෙන් සංවිධානය කරලාද? මීතොටමුල්ලෙ ජනතාව කුණු කන්ද ඉවත් කරන්න කියලා උද්ඝෝෂණය කරද්දි හොඳටම ගැහුවා. කායික බලහත්කාරයත් පාවිච්චි කරනවා. එහෙම කරන්නේ බැරි අවස්ථාවලදිත් බුද්ධිමතුන්, කලාකාරයෝ පාවිචිචි කරලා කොහොමද මොල හෝදන්නේ කියලා බලනවා.

මහින්ද රාජපක්ෂ ඉතාම බරපතළ විදියට වංචා ¥ෂණවලට ඉඩ දුන්නා. මහජන මුදල් හොරකම් කළා. මේ ආණ්ඩු පවත්වාගෙන යන්න වෙන්කරපු මුදල් මහින්දගෙ සහචරයෝ මංකොල්ල කෑවා. ඒ නිසා තමයි යහපාලන කතන්දරේ ආවේ. ‘ගුඞ් ගවර්මන්ට්’ කියන වචනය මුලින්ම පාවිච්චි කළේ ලෝක බැංකුව. අපි‍්‍රකානු පාලකයෝ ලෝක බැංකුව වෙන්කරපු මුදල් රටවල සංවර්ධනයට යොදවන්නේ නැතිව හොරකම් කළා.

ඒ නිසා තමයි මේ යහපාලනය කියන එක ආවේ. යහපාලෙනුත් හොරකම් නොකර ඉන්නෙත් නැහැ. ටිකක් හොරකම් කරනවා. ව්‍යාපෘති කඩාකප්පල් වෙන්න හොරකම් කරන්නේ නැහැ. තර්කයකුත් හදලා තිබුණා ‘වැඩ කළා කියන්නේ හොරකම් කළා කියන එක. වැඩ කරපු අයට තමයි හොරකම් කළා කියන්නෙත්.’ මහින්දගෙ ආණ්ඩුව ඉතාම බරපතළ විදිහට පවුල්වාදයට ආවා. ඥාති සංග‍්‍රහයට ගියා. ඒක වැරදියි කියන කාරණය සම්බන්ධව පහුගිය කාලෙ ප‍්‍රධාන ප‍්‍රකාශකයා වුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා.

ඒ ප‍්‍රකාශකයාම එක්සත් ජාතීන්ගෙ සමුළුවට යද්දි පුතා එක්කරගෙන යනවා. සමුළුවේ ජනාධිපති වාඩිවෙලා ඉන්නවා. එක පැත්තක විදේශ ඇමැති. අනිත් පැත්තේ පුතා. විදේශ ඇමැති ඉන්න එක ප‍්‍රශ්නයක් නැහැ. පුතා මොකටද ගෙනියන්නේ? ජනාධිපති මාධ්‍ය ඒකකය ගන්න ෆොටෝවල පුතා නැහැ. ඉතුරු ඒවෙය් පුතා ඉන්නවා. ඥාති සංග‍්‍රහය දුර්ගුණාංගයක් කියලා පිළිගෙන එකට විරුද්ධ වෙච්ච කෙනත් කරන්නේ ඒක. දුව යනවා රජයේ නිලධාරින්ට උපදෙස් දෙන්න. ඒක ටීවී එකෙත් පෙන්නනවා. දුව හිතාගෙන ඉන්නේ තාත්තා ජනාධිපති නිසා ඒක එයාට තියෙන අයිතියක් කියලා.

මහින්ද මීට අවුරුද්දකට කලින් කිව්වා වැස්සෙන් අවතැන් වෙච්ච මිනිසුන්ට සහන සලසන්න පවතින නීතියෙන් චක‍්‍රලේඛ වලින් බාධාවක් තියෙනවා නම් ඒවා අමතක කරලා වැඩ කරන්න කියලා. ‘නීති, ආයතන පිළිවෙත් පැත්තකට දාන්න ඒ ජනතාවට කෑම බෙදන්න’ කියලා මහින්ද ජනමාධ්‍යයට ප‍්‍රකාශ කළා. මහින්දට නීති රෙගුලාසි වැඩක් නැහැ. වැඬේ කොහොම හරි කරනවා. දැන් මහින්ද අයින් කරලා මොනවද මේ අය කරන්නෙ? අගමැති වෙච්ච රනිල් කරන්නේ තියෙන නීතිවලින් තමන්ට අවශ්‍ය දෙයක් කරන්න බැරි නම් අලූත් නීතියක් සම්මත කරන එකයි. මේ දෙකෙන් කොයි එක කි‍්‍රයාත්මක වුණත් එයාලගේ අරමුණු තමයි ඉටුවෙන්නේ. ඒ නිසා තමයි අවනීතිය කියන සටන් පාඨය ආවේ. මිනිස්සු හිතුවා නීතියේ තමයි ප‍්‍රශ්නේ තියෙන්නේ කියලා. නිතිය හරියට තිබුණානම් ඔක්කොම හරි කියල තමයි හිතුවේ.

කුඩා දැරියක් ලිංගික හිංසනයට ලක්කරලා මරලා දැම්මාට පස්සේ මිනිස්සු කිව්වා ඒ අපරාධකරුවන්ට මරණිය දණ්ඩනය කි‍්‍රයාත්මක කරන්න කියලා. ඔවුන් කීවේ ‘අපරාධකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාවේ යොදවනු!’ කියලා. මේ ඔක්කොම ප‍්‍රශ්න වෙන්නේ නීතිය කි‍්‍රයාත්මක නොවීම නිසා කියලා සමහරු හිතාගෙන ඉන්නේ.
දැන් කෑගහන්නෙ මරන්න පුළුවන් වෙන නීති හදන්න කියලා. නීතියක් නෙවෙයි දැන් සමාජයක් හදන්න තියෙන්නේ. ඒක හදන්නේ නැතිව කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. යහපාලන පණ්ඩිතයෝ ටික නීතිය තමයි හදන්න ඕන කියලා සමාජ මතය ගෙනාවා.

අපිට කිව්වා මනෝරාජිකයි ප‍්‍රතිසංස්කරණ පිළිගන්නේ නැහැ කියලා.
දේශපාලන සිරකරුවන් නිදහස් කරලා නැහැ. ජනාධිපති කියලා තිබුණා දේශපාලන සිරකරුවන් නැහැ කියලා. අපි කොටුවේ උද්ඝෝෂණයක් තියලා කිව්වා දේශපාලන සිරකරුවන් ඉන්නවා කියලා. එතකොට තමයි ඉන්නවා කියලා පිළිගත්තෙ. අතුරුදන්වූවන්ට කිසිම සාධාරණයක් ඉටු කරලා නැහැ. ඔවුන් අතුරුදන් කියලා සහතිකයක් දෙනවා වෙනුවට ‘ඔවුන් පෙනෙන්න නැහැ’ කියලා සහතිකයක් දෙන්න හදනවා. පෙනෙන්න නැහැ කියලා සහතික ඕන නැහැ. පෙනෙන්න නැහැ කියලා දන්නවානෙ. ඒ නිසානේ මේ අය කෝ කියලා අහන්නේ? එක්නැළිගොඩ පේන්න නැහැ කියල අපි දන්නවා. ලලිත් පේනෙන්න නැහැ කියලා අපි දන්නවා. කුගන් පේනෙන්න නැහැ කියලා අපි දන්නවා. කිලිනොච්චියේ බාලචන්ද්‍රන් අම්මා කියනවා පොඩි පුතාව පේන්න නැහැ කියලා. ඒක අපි දන්නවා. පැහැරගත්ත ඉඩම් දෙනවා කිව්වා. සාම්පුර්වල ඉඩම් දෙනවා කිව්වා. දීලා නැහැ. මිලිටරිකරණ ප‍්‍රශ්න විසඳිලාද? දකුණෙ ජනතාවට කියනවා එක කඳවුරක්වත් අයින් කරන්නේ නැහැ කියලා. උතුරේ ජනතාවට කියනවා සාම්පුර් මුරපොළ ඉවත් කරනවා කියලා.

යුද අපරාධ පරීක්ෂණයත් එහෙමයි. යුද්ධයේ අපරාධ වුණා කියන එක හරි පැහැදිලියිනේ. මාධ්‍යවල පෙන්නපු යුද්දෙනම් කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් තරම් සුන්දර විදිහට තමයි ටීවී එකේ පෙන්නුවේ. අවුරුදු 12ක ළමයකුට බිස්කට් කන්න දීලා බිස්කට් කකා ඉඳිද්දි මැරුණා කියලා අපි දැන ගන්න ඕන. උතුරේ නිවේදිකාවක්, ගායිකාවක් ලෙස කටයුතු කළ තරුණියක් සාහසික ලෙස වධහිංසනයට ලක් කරලා මරා දැම්මා. සේයා සදෙව්මි වැනි දහස් ගාණක් මැරුණා. ඒ දරුවෝ ගැන එන ගැඟීමම ඒ ආවේගයම උතුරේ ජනතාවටත් තියෙනවා. දරුවෝ ගැන හැඟීම අපි ඔක්කෝටම පොදුයි.ඒක කුමන්ත‍්‍රණකාරයන්ගෙ ප‍්‍රශ්නයක් නෙවේයි.

අපි දැන් පරීක්ෂණ තියන්න වෙන්නේ එකට ඉන්නේ කොහොමද? නැවත යුද්ධයක් ඇතිවෙන එක වළක්වන්නේ කොහොමද කියලා හොයන්න නැවත එකතුවීම සඳහා සහජීවන සමීක්ෂණයක් ඕන. දැන් කවුද පරීක්ෂණ කරන්න ඕන. ආණ්ඩුවද? ජාත්‍යන්තර සංවිධානද සහ ලෝක බලවතුන් එකතු වෙලාද? ඒක කරන්න ඕන? මේ ඔක්කොම එකතු වෙලාද හයිබි‍්‍රඞ් විදිහටද කරන්න ඕන කියලා වාද කරනවා. ලංකාවේ ආණ්ඩුවට තමන්ගේ වෙච්ච දේශපාලන න්‍යය පත‍්‍රයක් තියෙනවා.විදේශ සංවිධානවල සහ රටවල නායක ගොල්ලන්ට තමන්ගේ වෙච්ච න්‍යාය පත‍්‍රයක් තියෙනවා. එයාලගේ අරමුණු තමන්ගේ දේශපාලන න්‍යය පත‍්‍රය කි‍්‍රයාත්මක කිරීම මිස අපේ රටේ මිනිසුන්ගේ සාමූහිකත්වය ගොඩනැඟීම, සහජීවනය ඇති කිරීම නෙවෙයි.

දකුණු අපි‍්‍රකාවේ ජනතාව එකට එකතුවෙලා හැදුවා ජනතා අධිකරණ. ඒවගේ කාටවත් චෝදනා එල්ල කළේ නැහැ. ස්වයං විවේචන තිබ්බේ. වැරැුද්දට ගොදුරු වෙච්ච අයගේ ඥාතින් කිව්වා මේයා අපේ අය මැරුවා.කමක් නැහැ සමාව දෙන්න කියලා. අඩුම ගාණෙ ජනතාව සම්බන්ධ වෙච්ච කි‍්‍රයාවලියක් නම් මෙතන යන්නේ අපි පක්ෂයි. කවුද මේව කරන්න යන්නේ? මේ පරීක්ෂණ විසින් සිද්ධවෙන්නෙ මේ පරතරය අඩුවෙනවා වෙනුවට වැඩිවෙන එක විතරයි.

දයා ගමගේට තියෙන්නේ එක ආයතනයයි. එයා ඇමැති කෙනෙක් නෙවෙයි. ආයතන ප‍්‍රධානියෙක් අපරාදේ ඇමැති කියලා නම දැම්මේ. රිෂාඞ් බදුර්දින් විල්පත්තුවේ පරිසරය විනාශ කළා කියලා බැන්නානේ. දැන් එයා තමයි වැඩිම ආයතන ගණනක් හිමි ඇමැති. එයාට 36ක් තියෙනවා. එදා සම්පුර්ණයෙන් විරුද්ධ වෙච්ච රිෂාඞ් බදුර්දින් යහපාලනයේ බලවත්ම ඇමැති. එදා යහපාලනයට ඡුන්දේ දෙන්න කිව්ව පරිසරවේදින්ට මොකක්ද? වෙලා තියෙන්නේ.

ජාතික කලා මණ්ඩලයි. රැගුම් පාලක මණ්ඩලයි දාලා අධ්‍යාපන අමාත්‍යංශයට. මේ ආණ්ඩුවට ඡුන්දෙ දෙන්න කියපු කලාකරුවෝ දැන් කියනවා සංස්කෘතික අමාත්‍යංශය විනාශ වෙනවා කියලා. මේකට මැදිහත්වීමක් කරන්න කියලා අපෙන් ඉල්ලනවා. මුළු සංස්කෘතියම විනාශවෙලා තියෙද්දි සංස්කෘතික අමාත්‍යාංශයක් විතරක් තිබිලා වැඩක් නැහැ කියලා. ඒකත් වහලා දාන්න වෙන්න ඇති හදන්නේ. සෝවියට් ආණ්ඩුවෙත් අධ්‍යාපනයයි. සංස්කෘතියයි තිබුණේ එකට. ඒක වෙනයි. මේකේ සංස්කෘතික කියලා වෙනම අමාත්‍යංශයක් තියෙනවා. ඒක සංස්කෘතිකත් නෙවෙයි. වයඹ සංවර්ධන සහ සංස්කෘතික අමාත්‍යංශය කියලයි කියන්නේ. කලාකරුවෝ කියනවා දැන් දේශපාලනය ගැන කලකිරිලා ඉන්නේ කියලා. අපි කියනවා කලකිරිලා වැඩක් නැහැ වමට එන්න කියලා.

වී අලෙවි මණ්ඩලය තියෙන්නේ ග‍්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශයට. මට හිතෙන්නේ රනිල් මහත්තයා හිතන්න ඇත්තේ කෘෂිකර්මාන්තයත් කර්මාන්තයක්. ඒක ගමේ තියෙන නිසා වෙන්න ඇති ඒ අමාත්‍යංශයට දිලා ඇත්තේ ඒක වෙන්න ඇති එයාලගේ විද්‍යාත්මක ක‍්‍රමය.
ගුවන් සේවයත් කෑලිවලට කඩලා තියෙන්නේ. ශී‍්‍රලංන්කන් එයාර්ලයින්, මිහින් එයාර්ලයින් ව්‍යවසාය හා සංවර්ධක ආමාත්‍යංශයට දිලා. ගුවන් තොටුපොළ හා ප‍්‍රවාහන අමාත්‍යංශටය දිලා. ප්ලේන් එක නවත්වලා තියෙද්දි එක්කෙනෙක් වග කියනවා. උඩට නැග්ගුවට පස්සේ තව කෙනෙක් වග කියනවා. තට ටික දවසකින් නියෝජ්‍ය ඇමැති කෙනෙක් දායි අතරමැදි අවස්ථාවට.

මහින්දට අමාත්‍යාංශ බෙදීම කරලා නැහැ කියපු අය ඒකම කරලා. අමාත්‍යාංශ කියන්නේ ලෙවකන්න දෙන මස්කටු. සල්ලි හොරකම් කරගන්න හිතවතුන්ට දීපුවා. මෙයාලා කිව්වේ පුරවැසියාගෙ බලය ශක්තිමත් කරනවා කියලා. දැන් කාගේ බලයද ශක්තිමත් වෙලා තියෙන්නේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි විරද්ධ වුණෙත් නැහැ පක්ෂ වුණෙත් නැහැ. අජිත් කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේ පැහැදිලි කළා එහෙම කරන්නෙ ඇයි කියලා.

ස්වාධීන කොමිෂන් සභා හදන්න පත්කරලා තියෙනවා දහදෙනෙක්. ඒකෙන් හතක්ම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු. අගමැති නිල බලයෙන් ඉන්නවා, විපක්ෂ නායක නිල බලයෙන් ඉන්නවා, කථානායක ඉන්නවා. ජනාධිපති පත්කරලා තියෙන්නේ චම්පික රණවක. අගමැතිත් පත්කරනවා නියෝජිතයෙක්. ඒ තමයි විජේදාස රාජපක්ෂ. මූලික කොන්ද්සිය ලෙස දේශපාලන තන්ත‍්‍රය මැදිහත් නොවී නිලධාරීමය ව්‍යුහයකින් තමයි පාලනය කරන්නේ. ඒකට තමයි කොමිෂන් සභා කිව්වේ. ඇමැතිවරු 3ක් ඉන්නවා. එයාලා නියෝජනය කරන්නේ විධායකය. ඉතින් ඒ පොරොන්දු කැඩුවේ ජනාධිපතියි අගමැතියි දෙන්නා. සිවිල් නියෝජිතයෝ තුන් දෙනෙක් ඉන්නවා. එයාල පාර්ලිමේන්තුවේ අනුමත වෙන තුන් දෙනෙක්.

ජනවාරියෙ මේ හවුල් ආණ්ඩුව පත්වුනාම අජිත් සහෝදරයා විතරයි විරුද්ධව ඡන්දේ දුන්නේ. එක් අවස්ථාවක විරුද්ධව ඡන්දය දීපු නිසාත් රනිල් ස්තුති කළා. දැන් පාර්ලිමේන්තුවෙ විපක්ෂයක් නැහැ. ඒ වෙනුවට එළියේ විකල්පයක් තමයි කි‍්‍රයාත්මක කරන්න වෙන්නේ. ඒකේ විකල්පය වෙන්න වෙන්නේ ජනතාවට.

දැන් 20වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්න යනවා. ඒ පාර්ලිමේන්තුවේ බලය තනි පක්ෂයකට ගැනීම වෙනුවෙන් තියෙන ක‍්‍රමයෙන් යම් බලතුලනයක් වෙනවා. ඒකෙත් මහින්ද කළාවගේ සල්ලිවලට මන්තී‍්‍රවරු ගන්න වෙනවා. නැත්නම් රනිල් කරනවා වගේ සම්මුතියකට යන්න වෙනවා. මේ යන්නේ පුරවැසියා ශක්තිමක් කිරීම නෙවෙයි. පාලකයා ශක්තිමත් කිරීම. පරිසර අමාත්‍යාංශය ජනාධිපති අතේ තියෙන්නේ. ජනතාව කියනකම් දන්නේ නැහැ වතුරවලට වස මිශ‍්‍රවෙලා කියලා. දැන් ඔප්පුවෙලා තියෙනවා පිළිකාකාරක කාබනික රසායනික ද්‍රව්‍ය මිශ‍්‍රවෙලා කියලා. කොකා කෝලාවල කැරමල් පාට මිශ‍්‍රවෙලා තියෙනවා. අමැරිකා එක්සත් ජනපදයේ මේ රසායනිකය පාවිච්චි කිරීම තහනම් කරලා තියෙනවා. ඔවුන් ඒක තහනම් කළේ අවුරුදු 2ක් මීයන්ට කන්න දීලා, මීයන්ට ලියුකේමියාව සහ පෙණහලූ පිළිකා හැදුණු බව තහවුරු කරගෙන. නමුත් අපේ රටේ තහනම් වුණේ නැහැ. ලීටරයකට මිලිග‍්‍රෑම් දශම 5ක් මිශ‍්‍රවෙලා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු ගාණ වෙන්නේ ලීටරයට මයික්ක්‍රො ග‍්‍රෑම් 29ක්. ජනතාවට බොන්න දුන්න කැලණි ගෙඟ් ලීටරයට මයික්ක්‍රෝ 500ක් තිබුණා. ඒවට වගකියන්න කෙනෙක් නැහැ.

මෑතකදී රජයේ ඇමැතිවරයෙක් රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ල ‘අයෝජකයෝ තරහ කරගන්න බෑ’ කිව්වා. ලක්ෂ 20ක් මිනිස්සු වෙනුවෙන් නෙවෙයි මෙයාල පෙනී ඉන්නේ. ඒ මිනිසුන්ට වකුගඩු රෝග හැදෙන එක, ඒ මිනිසුන්ට පිළිකා හැදෙන එක, ජීවිත විනාශවෙන එක අදාළ නැද්ද? දැන් පැහැදිලියි නේද එයාලා ජනතා නියෝජිතයෝ නෙවෙයි. එයාල මැතිවරණයට සල්ලි දෙන කොම්පැණිකාරයන්ගේ නියෝජිතයො බව.

රතු පස්වලදී ජනතාවට වෙඩි තිබ්බා. එයාලා ගත්තේ කොම්පැණිකාරයන්ගේ පැත්ත. ඉදිරියේදී එන පනත්වල ලේ, ජලය වෙළෙඳ භාණ්ඩයක් වෙනවා. ඒක ගෙනෙන්න අගෝස්තු 11 කැබිනට් මණ්ඩලය අනුමැතිය දීලා තියෙනවා.

මෙතෙක් විකුණන්න බැරිවුණ දේවල්වලට අනුමැතිය දෙන එක තමයි නව ලිබරල් ධනවාදය කියන්නේ.

Leave a Reply