සිරියාවට එරෙහිව අමෙරිකානු මැදිහත්වීම

මැද පෙරදිග තෙල් නිධි සහිත කාන්තාර කලාපයකි. ඉරානය, ඉරාකය, කුවේටය, ලෙබනනය, ගල්ෆ් වෙරළ තීරය, ආදී රටවල් පද්ධතියම ඊට ඇතුළත්ය. ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් සමඟ ත‍්‍රස්තවාදයට ඇති සම්බන්ධය පිළිබඳව ඇත්තේ දිගු ඉතිහාසයකි. ඒ වනාහී අඛණ්ඩ යුදමය ගැටුම් නිර්මාණය කරන ලද වෙළඳපොළ උවමනාවෙකි. ලොව වැඩිම ලාභ ලබන සමාගම් දහයෙන් හතරක්ම ආයුධ නිෂ්පාදන සමාගම්ය. ලාබදායි වෙළඳ භාණ්ඩයක් වන තෙල් හා ගෑස් ප‍්‍රවාහනය පිළිබඳ අයිතිය මෙන්ම තෙල් නිධි පිහිටා තිබෙන භුමියේ අයිතිය සම්බන්ධව කලාපීය රටවල් අතර උග‍්‍රව ගැටුම් පවතී. මෙනිසාම කටුක අමිහිරි වේදනාවන්ට ලක්වන්නේ එහි ජිවත්වන මිනිසුන්ය. මේ වනවිට පුරා වසර 10 ක්ම ඇමරිකාව හා සිරියාව අතර ගැටුම් පවතී. සම්පත් පිළිබඳ අයිතිය මත එන ආතතිය මිට ප‍්‍රධාන හේතුවයි. නිල වශයෙන් ඉතිහාසය පුරාවටම රටවල් අතර ඇතිවූ යුද්ධ ගණනාවකි. මිට අදාළ නිදර්ශනාත්මක ඉතිහාසයක් සේම වර්තමානයක්ද අප හමුවේ පවතී.

වර්තමානයේ එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් විසින් ගෙනයන මැදපෙරදිග ආක‍්‍රමණය මෙහි නවතම ස්වරූපයට නිදසුනකි. එහිදී වැඩි අවධානයක් දිනාගෙන තිබෙන්නේ සිරියාවට එරෙහි යුද්ධයයි. මේ දිනවල සිරියාවේ බිඳ වැටී ඇති සටන් විරාමයට තවදුරටත් සහාය දෙන බව කියා සිටින්නේ ඇමරිකාව හා රුසියාවයිග ඔවුන් එසේ පවසා ඇත්තේ නිව්යෝර්ක් හී පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවට සමගාමීවූ සිරියානු සහයෝගිතා කණ්ඩායමේ රැස්වීමකදීය. මෙහිදී සිදුව ඇත්තේ සිරියාවේ නිල හමුදාවන් වෙතට ඇමරිකාව විසින් ගුවන් ප‍්‍රහාරයක් එල්ල කිරීමය.

සටන් විරාමයට සහය පළකිරීම යනු සැබෑම විහිළුවකි. මන්දයත් සටන් වැදී සිටින සිරියානු රජයට අනුව මෙකී අධිරාජ්‍යවාදී බලවතුන් සහය වීමට කැමති බව පවසන්නේ අවස්ථා තුන්සියයකදී උල්ලංඝනය කරන ලද සටන් විරාම ගිවිසුමකට වීමයිග සිරියානු රජයට එරෙහි කැරලි කරුවන්ගේ මෙම තත්වය පිටුපස සිටින්නේ එක්සත් ජනපදයයි. එක්සත් ජනපදයට සහය පළකරන ඊනියා කැරලිකරුවන් හා සී.අයි.ඒ. සංවිධානය යනු මීට සම්බන්ධ අනෙක් පාර්ශවයන්ය.

එපමණක් නොව සිරියානු රජයේ ජාත්්‍යන්තර නියෝජිතයා වන රුසියාවේ අරමුණ වන්නේ තෙල් වෙළඳපොල සම්බන්ධ අයිතිය සඳහා එකසත් ජනපදය සිරියාවට ඇතුළුවීම පරාජය කිරීමයිග පැහැදිලිවම මෙහි ඇත්තේ අන්ත අධිරාජ්‍ය ගැටලූවකි. ඒ තුළ කළමනාකරණය වීමට සිදුව ඇත්තේ සිරියාවටයිග එමනිසා ඇමරිකන් රජය හා සිරියාව මුල්කරගත් සංවාදය තවදුරටත් අලූත් වී ඇත. එනම් සිරියාවේ සහනාධාර රථ පෙළකට පහරදීම මිට ආසන්නම හේතුවයිග එහිදී ආහාර පාන හා අනෙකුත් සහන රැුගෙන ට‍්‍රක් රථවල ගමන්කළේ ඇලෙප්පෝ අසල උතුරු ග‍්‍රාමීය පෙදෙසකටයි. එකී රථ 31 න් 18 ක් විනාශ වූවා පමණක් නොව 20 කට පමණ සිය ජීවිතයද අහිමි වී ඇත.

එක්සත් ජනපදය කියා සිටියේ මේ ප‍්‍රහාරයට සිරියානු රජය හා රුසියාව සම්බන්ධ බවයි. එහෙත් ඔවුන් දෙදෙනාම ප‍්‍රහාරයේ වගකීම භාරගෙන නැත. මෙය ”වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද ඒ අමාරුව” යන්නට සමාන වූවෙකි. සටන් විරාම රංගනයේදී ප‍්‍රහාරයේ වගකීම දෙපාර්ශවයම භාර ගන්නේ නැත. එහෙත් ඊට අදාළ සංවාදයක් ව්‍යාජ සංවාදයක් ලෝකය පුරා පැතිරී ඇතග දැන් සිදුව ඇත්තේ ඇමරිකාව හා සිරියාව අතර පසමිතුරු භාවය වැඩිවීමයි. ඇමරිකානු නිලධාරියෙකු පැවසූ බවට ක්‍භභ වාර්තාකළේ ”සිරියානු ගුවන් යානා හෝ හෙලිකොප්ටර්ල සිද්ධිය වන අවස්ථාවේ ප‍්‍රහාර සඳහා එහි සැරි සැරූ බවට නිශ්චිත ඔත්තුසේවා තොරතුරු අප සතුව නැති බවයි” ය.

රුසියානු හෝ සිරියානු හෝ සිරියානු ආණ්ඩුව ආධාර සැපයීමට බෝම්බ දැමු බවට වොෂින්ටනය කළ චෝදනාවට විරුද්ධව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය දිගින් දිගටම මැදිහත් විය. එහි ප‍්‍රකාශක පැවසුවේ ප‍්‍රහාරයට ලක්වූ රියපෙළ දැක්වෙන වීඩියෝ පට විමසා බැලීමේදී, ගුවන් ප‍්‍රහාර එල්ලවූ බවට කිසිදු සාක්ෂියක් දැක්වෙන සලකුණුවන තැන් නොපෙන්වන බවයි. එසේම ඔහු සඳහන් කළේ ට‍්‍රක් රථ වලට පහරදීම අල්නුස්රා කණ්ඩායමේ ප‍්‍රධාන මෙහෙයුමක් සමඟ සමපාතව සිදුවූ බවයි. එමෙන්ම ජෙනරාල් කොනසේන්කෝ සඳහන් කලේ මෝටාර් යළි ස්ථාන ගත කිරීම පිණිස ට‍්‍රක් රථ රියපෙළ ආවරණයක් ලෙස යොදා ගත් බව පෙනෙන්නට තිබුණු බවයි. මෙම කරුණුවලට එක්සත් ජනපද ප‍්‍රතිචාරය වූයේ ගුවන් ප‍්‍රහාර යන්න වෙනුවට පොදුවේ ප‍්‍රහාර යන්න යොදාගත් බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රකාශිකා ජෙන්ස්ලාකි පැවසුවේ මුල් සඳහන වැරැුද්දක් බවයි.

”මේවා සැබවින්ම ගුවන් ප‍්‍රහාරද යන්න තීරණය කිරීමට තරම් තත්වයක අපි නොසිටින්නෙමු. අපට කිව හැක්කේ රිය පෙළට පහර දී ඇති බව පමණි” මේ අනුව පෙනීයන්නේ සැබෑ ප‍්‍රහාරකයා විනිශ්චය කිරීමට ඔවුනට උවමනාවක් නැති බවයිග එක්සත් ජනපදය කියන්නේ වැරදුනේ කුමක්දැයි සෙවීම සඳහා යාමට පෙර යමක් වැරදී ගියේ දැයි සහතික ලෙස දැන ගැනීමට පරීක්ෂණයක් පැවැත්වූ විට සාධක, කරුණු සොයා ගත හැකි බවයි. සැබවින්ම සිදුව ඇත්තේ එක්සත් ජනපදය නිල ලෙසම සිරියානු රජයේ හමුදාවට ගුවන් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවයි. මේ පිටුපස අමෙරිකාව සමඟ අල්නුස්රා සංවිධානය සිටී. එමෙන්ම අමෙරිකාවට සහයෝගය ලබා දෙන සවුදි අරාබිය මෙන්ම සී. අයි. ඒ. රහස් ඔත්තු සේවාව සක‍්‍රිය දායකත්වයක් ලබා දෙමින් සිටී. එහි ප‍්‍රති පාර්ශ්වය වන්නේ සිරියාව සමඟ සිටින රුසියාව හා ඉරානයයි. ඊට අමතරව නිශේධ බලය සහිත රුසියාවේ උවමනාව වන්නේ සිරියාව සතු තෙල් නිධි වල බලය තවදුරටත් රැකගැනීමයි. මෙම ගැටුමේ තීව‍්‍රතාවය වැඩිවී ඇත්තේ අන්තර් අධිරාජ්‍යවාදී ගැටුමකට මුල පුරන නිසයි. මේ වනවිට මහ පොළව තුළ තිබූ සටන් විරාමය බිඳ වැටී ඇත. නමුත් එය අවසන් වන්නේ එක්සත් ජනපදය හා රුසියාවේ ව්‍යාජ නාටකයේ සීමාව ඉක්මවූ විටය.

2002 ජනවාරියේදී ජනාධිපති ජෝජ් බුෂ් කිවේ ඉරානය, ඉරාකය, උතුරු කොරියාව ”දුෂ්ඨත්වයේ අක්ෂය” ලෙසයි. එසේම එම වසරේම මැයි මාසයේදී ”දුෂ්ඨත්වයේ අක්ෂයට එහා” යන හිසින් පැවැත්වූ දේශනයකදී කීවේ කියුබාවල ලිබියාව හා සිරියාව ද එයට ඇතුළත් වන බවයි. අද අපට හමුවී ඇත්තේ එහි වත්මන් යථාර්ථයයි. ඊනියා යුද ප‍්‍රචාරණය හරහා බුෂ් පාලනය විසින් ”සිරියාව වගකීමට බැඳෙන ලෙබනනයේ ස්වෛරීත්වය ප‍්‍රතිනිර්මාණය කිරීමේ පනතකට” අනුමැතිය දෙන ලදී. ඒ හරහා 2002 සිරියාවට එරෙහිව සම්බාධක පනවන ලදී. මේ එක්සත් ජනපදයේ දිගුකාලීන ආර්ථික හා දේශපාලන උපායමාර්ගය සකස් වී ඇත්තේ ජාතිවාදී ආගම් වාදී මුලධර්ම වාදී ගැටුම් නිර්මාණය කරමින් විශාල රාජ්‍යයන් බෙදා වෙන් කරමින් කුඩා රාජ්‍යයන් තුළ ඇමරිකන් ගැති පාලනයක් ගොඩ නංවා ගැනීමයි. ඉරාකයට බෝම්බ හෙලීම, සදාම් හුසේන් ඝාතනය හා ලිබියානු නායක මුවම්මර් ගඩාෆි ඝාතන ඊට නිදසුන් වේ.

මේ අතර සිරියාවේ ඇතැම් ප‍්‍රදේශ තුළ ‘පියාසර තහනම් කලාපයක්‘ ප‍්‍රකාශයට පත් කිරීම හරහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර යුද්ධයක් බවට සිරියානු අර්බුදය පත්වීමේ අනතුරක් තිබේ. එක්සත් ජනපදය මෙම යෝජනාව ඉදිරිපත් කළේ සිරියානු පාලනයට එරෙහිව යුද වදින ඉස්ලාම් කැරලිකරුවන් සහ තමන් අතර ඇති සම්බන්ධය මැනවින් තහවුරු කරමිනි. මෙම පියාසර තහනම් කලාපය නම් කර ඇත්තේ සිරියාවේ ඇලෙප්පෝ ඇතුළු අල් නුස්රා මූලධර්මවාදීන් අල්ලාගෙන සිටින නගර වලට අදාලවය.
බළලා මල්ලෙන් එලියට පනින්නේ මෙහිදීය. අල් නුස්රා කැරලි හමුදා යටතේ පවතින ප‍්‍රදේශ ගණනාවක් රුසියානු සහය ඇතිව යලි දිනා ගැනීමට සිරියානු ආණ්ඩුව සමත්වී ඇති අතර ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර කොටසට එල්ල කෙරෙන සිරියානු හා රුසියානු ගුවන් ප‍්‍රහාර පසුගිය 23දා සිට උග‍්‍ර කෙරී ඇත. එහි අරමුණ නගරයේ එම කොටස අල්ලා ගැනීමට ගොඩබිමින් ඇතුළුවන හමුදාවන්ට පසුතලය සකස් කිරීමයි. රුසියාවේ සැලැස්ම යටතේ ඉස්ලාම් මූලධර්මවාදී කොටස් වල සහභාගීත්වයෙන් ගෙන යන පස් අවුරුදු යුද්ධය අවසානය කරා එළඹෙමින් තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය මෙතරම් කලබලවී ඇත්තේ ඒ නිසායග ඒ අනුව සිරියාවේ පාලන වෙනසක් හරහා සිරියාව තමන්ට ගති රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදී සැලැස්මද අසාර්ථක වනු ඇත.

කෙසේවෙතත් එක්සත් ජනපදය සහ රුසියාව යන ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් දෙදෙනා අතර සංහාරක යුද්ධයක් ඇතිවීම සඳහා කරුණු මෝරමින් තිබෙන බව පැහැදිලිය. ඒ එම දෙපාර්ශවයටම මැදපෙරදිග බලය සම්බන්ධ කාරණයේදී සිරියාව අතිශය වැදගත් නිසාය. මේ අන්තර් අධිරාජ්‍ය ප‍්‍රතිවිරෝධය සමස්ත ලෝකයම යුද්ධයකට ඇද දැමීමේ අවදානමක් වෙත යොමුකර ඇත.