රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2016
Posted on 09.15.2016 by Chandana Sirimalwatte in කලා with 0 Comments
2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන හශාලාවේදී පැවැත්විණ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රදාන ආරාධිතයා වූ මෙහිදී සම්මාන ලැබුවෝ මෙසේය.
හොඳම කාව්‍ය සංග්‍රහය, මහාචාර්ය දර්ශන රත්නායක – නැණසිළුමිණ නම් උමංදානන්දය
හොඳම කෙටිකතා සංග්‍රහය, අනුරසිරි හෙට්ටිගේ – දිමියා
හොඳම ස්වතන්ත්‍ර නවකතාව, සුමුදු නිරාගි සෙනෙවිරත්න – දූල්වල අලංකාරය
හොඳම ගේය කාව්‍ය සංග්‍රහය, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර – සිංහලයෙකු වී ඉපදීමෙන්
හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය – මේ නිවාඩු කාලය – සෝමලතා සුබසිංහ
හොඳම විද්‍යා ප්‍රබන්ධය – කාලාවකාශයේ සිරකරුවා – දමිත නිපුණජිත්
ළමා ඉංග්‍රිසි සාහිත්‍ය කෘතිය – සිගිරිය – ප්‍රියංකා සපරමාදු
ළමා සාහිත්‍ය කෘතිය පළමු කාණ්ඩය – ඉර එළිය – තනුජා එන් අයගම
ළමා සාහිත්‍ය කෘතිය දෙවන කාණ්ඩය – සුමුදුමලී – චන්ද්‍රිකා අබේපිටිය
හොඳම පිටකවර නිර්මාණය – වක්ගිරිපට්ට – සමන් ඉන්දික
හොඳම පිටු සැකසුම – රෙපටෝරියා – ප්‍රදීප් බෙනරගම
Related News