පුරවැසි ඩිජිටල් කාඩ්පත, විද්‍යුත් හැදුනුම්පතට කෙටි පාරක්!

2016.07.31 uk eid

පුරවැසියන්ගේ සියලු තොරතුරු ඇතුළත් පුරවැසි ඩිජිටල් කාඩ්පත හදුන්වා දෙන මුවාවෙන් පසුගිය කාලෙය් විවේචනයට හා විවාදයට ලක් වූ විද්‍යුත් හැදුනුම්පතට ජනප්‍රියතාවය උපයාගැනීමේ උපායක් ආණ්ඩුව විසින් දියත් කර ඇත.

මේ සදහා සැලසුම ක්‍රියාවේ යොදමින් ලබන ජනවාරි පළමු සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් එම ඩිජිටල් කාඩ්පත ලබාදීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු ඊයේ (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දක්වමින් පුරවැසියන්ගේ ජීව දත්ත හා ඔවුන් රාජ්‍ය ආයතන සමග සිදුකරන සියලු කටයුතු පිළිබඳ තොරතුරු එම ඩිජිටල් කාඩ්පතේ අඩංගුව බවද වයස අවුරුදු 14න් ඉහළ සියලු ලාංකිකයන්ට කාඩ්පත ලබාදෙන බවද ඇමැතිවරයා පවසා ඇත.

එහෙත් එය ආණ්ඩුව සම්මත කළ, ජෛවමිතික දත්ත පවා ඇතුළත් කිරිමට නියමිත එහෙත්, පුරවැසියන්ගේ කිසිදු විරෝධයකට ඉඩක් නැති විද්‍යුත්  හැදුන්ම්පත ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් බව පැහැදිලි වේ.