කම්කරු අයිතීන් කුණු කූඩයට – කොමසාරිස්  නිලධාරීන්ගේ නිවාඩු කපයි

labor-department

කම්කරු නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් එම්.ඩී.සී. අමරතුංග පවසයි. ඒ අනුව දැනට වැඩවර්ජනයේ නිරතව සිටින කම්කරු නිලධාරීන් අනිවාර්යයෙන් අද (15) දින සිට රාජකාරියට වාර්තා කිරීම අනිවාර්ය බව ද කොමසාරිස්වරයා විසින් වැඩිදුරටත් දන්වා ඇත.

කම්කරු නිලධාරීන්ගේ සංමය විසින් දැනට ක්‍රියාත්මක කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත්, ඒ පිළිබඳව සිතා බලා එම අයිතීන් උල්ලංඝණය වීම වැළැක්වීමේ අරමුණින් තමන් මෙම තීරණය ගත් බව කොමසාරිස්වරයා වැඩිදුරටත් දන්වා ඇත.

කෙසේ වෙතත් මෙම තීරණය හේතුවෙන් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹී සිටින නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් කොමසාරිස්වරයා කිසිදු පියවරක් ගෙන නොමැතිවීම හාස්‍යයට කරුණක් වන අතර, කොමසාරිස්වරයා ආණ්ඩුවේ උවමනා එපාකම්වලට අනුව රඟන රූකඩයක් බවට පත්ව ඇති බව මේ පිළිබඳ අදහස් දක්වමින් බොහෝ දෙනෙක් පැවසීය.

Leave a Reply