රාජිත, ආයුර්වේද ඖෂධ සංස්ථාව අඩපණ කිරීමේ මෙහෙයුමක!

2016.06. 29 AYURVEDA1

නාවින්නේ පිහිටි ආයුර්වේද ඖෂධ සංස්ථාව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ උපදෙස් මත අද (15) සිට දින නියමයකින් තොරව වසා දමා ඇතැයි එහි සාමාන්‍යාධිකාරී එම්.ජේ.මාරසිංහ නිවේදනය කරයි.

ආයුර්වේද ඖෂධ සංස්ථාව තුළ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍ර යේ පවතින ගැටලු වලට නිසි පිළියමක් යොදන්නට සාධාරණ මැදිහත්වීමක් නොකර මෙවැනි පියවරක් ගැනීමෙන් ආයුර්වේද සේවය අඩපණ කිරීමේ උත්සාහයක ඇමැතිවරයා නියුතුව සිින බවට සේවකයෝ චෝදනා කරති. සංස්ථාවේ කිසිදු සේවකයකුට බ්‍රහස්පතින්දා (අද දින) සිට සංස්ථා භූමියට ඇතුළුවීමට ඉඩනොදෙන ලෙස උපදෙස් දදෙමින් ඇමැතිවරයාගේ නියෝගයක් ඊයේ (14) තමන් වෙත එවා ඇතැයි මහරගම පොලිස්ථානාධිපති උපාලි තලගල ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

දිගින් දිගටම ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පැවැති සේවක විරෝධතාවයක් හේතුවෙන් සංස්ථාවේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ දින 80කට පසු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ආයතනයට පැමිණියේ ඊයේය. එහෙත‍ෙ ඒ හේතුවෙන් සේවකයන් අතර යළි ඇරඹුණු දැඩි විරෝධතා මැද ඔවුන් දෙදෙනා පැය 7කට පසු පොලිස් ආරක්ෂාව මැද සංස්ථාවෙන් පිටව ගොස් ඇත.