වෛද්‍ය උපාධිය අලෙවිකිරීම නිසා විරෝධයට ලක්ව සිටින මාලබේ සයිටම් ආයතනයෙන් බිහිකරන වෛද්‍ය වෘත්තිකයන් නිල වශයෙන් පිලිගතයුතු බවට වූ අධිකරණ තීන්දුව පිළීබද අදහස් විමසීමට අද දිනශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් රැස්වන්නට නියමිතය.
මේවන විට සාමාජිකයන් 25ක් සිටිය යුතු වුවද එම සභාවේ සාමාජිකයන් 21 දෙනකු අද රැස් වී සයිටම් නීතිගත කිරීමට අනුබල දෙන අධිකරන තීන්දුව පිළිගන්නවාද නැතිනම් ඊට එරෙහිව හ්රේෂෟඨාධිකරණය වෙත යනවාද යන්න තීරණය කරනු ඇත.