කෝටි 61 ඉපයූ සජින් වාස් ඇප පිට නිදහස්!

Sajin_Vas

මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධනට අද (8)   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

රුපියල් කෝටි 61 වත්කමක්‌ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජූනි 27 දා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ඔහු රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප 04ක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර ඇත.

Leave a Reply