වත්මන් යහපාලන ආණ්ඩුවේ එකම දුර්වලතාවය අවුරුදු 11ක් තිස්සේ ජනතාවගේ සල්ලි කොල්ලකෑ හොරු සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ ඉබි ගමනේ යාම බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
ප්‍රමාද වී හෝ සාධාරණව එම පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බව ඔහු එහිදී වැඩිදුරටත් කිවේය.හෙට අනිද්දා හිරගෙදරට යන්න සිටින අය ෂැඩෝ කැබිනට්ටුවක් හදා සුරංගනා ලෝකයක තාවකාලික තෘප්තියක් ලබාගන්නා බවද ඔහු පැවසීය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේ පැවසුවේ ඊයේ දිනට යෙදී තිබුණු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලකයකු මෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වු වී ඒ. සුගතදාස 43 වැනි ගුණසමරුවට එක්වෙමිනි.