අධ්‍යාපනය විකිණීමට හා ශිෂ්‍ය මර්දනයට එරෙහි ශිෂ්‍ය අරගලය උණුසුම් වේ!
Posted on 07.11.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වත්මන් පාලකයන් විසින් අධ්‍යාපනය විකිණීමට මාලඹේ SAITM හොර උපාධි කඩයට සහ ශිෂ්‍ය මර්දනයට එරෙහි දෙදින විරෝධතාවයක් ජුලි මස 13 සහ 14 යන දිනවලදී කොළඹදී පැවැත්වීමටද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සූදානම් වේ.
ජුනි මස 15 වන දින කැලණිය විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ පාගමනේදී අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා නගමින් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර (ජුලි 08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැදවන ලදී. එහිදී ඔහු අධිකරණයට අපහාස කිරීම යටතේ ජුලි මස 15 වනදා තෙක් බන්ධනාගාර ගත කරන ලදී. මෙම සිරගත කිරීමට විරෝධය පළකරමින් සහ වහා නිදහස් කරන ලෙස පාලකයන්ට බලකරමින් ජයවර්ධනපුර, රුහුණ, රජරට, සබරගමුව යන විශ්වවිද්‍යාලවල එදිනමවිරෝධතා උද්ඝෝෂණ පැවැත්වුනි.
මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව සියලුම ප්‍රගතිශීලි බලවේගවල බලවත් විරෝධයක් ගොඩනැගී ඇත. වාමාංශික දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් ක්‍රියාකාරිකයින් කලාකරුවන් ගෙන් සමන්විත “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ” සංවිධානය මගින්ද මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් අතර ජුලි 09 වන දින ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
මේ අතර මාලබේ සයිටම් හොර උපාධි කඩයට හා අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි අරගලය තීරණාත්මක අවස්ථාවකට පැමිණි මොහොතක එම අරගලය අඩපණ කිරීමේ අරමුණින් පාලකයින් සිදුකරන ශිෂ්‍ය මර්දනයට එරෙහිව අනෙකුත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා වෛද්‍ය පීඨ වල ශිෂ්‍ය සංගම් ඉදිරියේදී වීදි බැසීමට තීරණය කර ඇත. ඒ අනුව ජුලි මස 12 වැනිදා , වයඹ විශ්වවිද්‍යාලය , රජරට විශ්වවිද්‍යාලය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල සිසුන්ද HNDA නයිවල, HNDA නුවර, HNDA ගාල්ල, HNDA දෙහිවල යන උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ද කොළඹ, රාගම හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල සිසුන්ද විරෝධතා උද්ඝෝෂණ සිදුකිරීමට නියමිතය.
Related News