ඖෂධ සංයෝජකයන් 13 සහ 14 දිනවල වර්ජනයේ

Drugs

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 13 හා 14 දිනවල වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි. හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට ගෙවනු ලබන රාජකාරි දීමනාව ලබා නොදීම, අතිකාල දීමනා ලබා දෙන ක‍්‍රමවේදයේ පවතින ගැටළු, අනතුරු දීමනා නොගෙවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක‍්‍රියාත්මක වේ. සෞඛ්‍ය බලධාරීන් සමග අවස්ථා ගණනාවකදී සිදු කරන ලද සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කළ බවද එම සංගමය ප‍්‍රකාශ කරයි.

Leave a Reply