යුරෝපා පාපන්දු කුසලානය පෘතුගාලය දිනාගනී

ero-cupweb

ඊයේ පැරිස්හිදී පැවැති ප්‍රංශය හා පෘතුගාලය අතර තරගයෙන් ප්‍රංශය පරදා පෘතුගාලය 1-0 ලෙස යුරෝපා කුසලානය හිමි කර ගැනීමට සමත්විය.

මෙම තරගයේදී නියමිත කාලය තුල එක් පිලකටවත් ගෝලයක් ලබා ගැනීමට නොහැකිවිමද තරගයේ පැවැති තියුණු බව කියාපායි.

ඉන් අනතුරැව පිරිනමන ලද අතිරේක කාලයේදී පෘතුගාල ක්‍රීඩක එඩර් විසින් ලබා ගන්නා ලද ගෝලය තම පිල ජයග්‍රහණය දක්වා රැගෙනයාමට දායක විය.

පෘතුගාල කණ්ඩායාම් නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තුවාල ලැබීම හේතුවෙන් තරගය ආරම්භනී විනාඩි විසිපහක් ගතවන විට ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යන්නට සිදුවිය.

ප්‍රංශයේ මහත් බලාපොරොත්තු තබා සිටි ක්‍රීඩකයවූ අන්තෝනියෝ ග්‍රිස්මාන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් දෙකක් පෘතුගාල කණ්ඩායමේ දැල් රකින්නා වූ රැයී ෆැක්ට්‍රිකෝ විසින් විශිෂ්ඨ අන්දමින් වලක්වාගැනීම හේතුවෙන් ප්‍රංශයේ බලාපොරෛාත්තු සුන්වීගියේය.

මෙම තරගයේ විරයා ලෙස පෘතුගාල දැල් රකින්නා නම් කරනු ලැබුවේ ඔහු විසින් ප්‍රංශයට හිමිවීමට ගිය ගෝල දෙකක් වළකාලීමට සමත්වීම හේතුවෙනි.