ඉට්කා නොවැම්බරයේ – ඉන්දියාවෙන් 20වැනිදා එයි

ranil-modi

බරපතල විරෝධයකට ලක්වූ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තාක්ෂණික හා ආර්ථික සහයෝගිතා (ඉට්කා) ගිවිසුම ලබන නොවැම්බරයට පෙර අත්සන් තැබෙනු ඇති බව වාර්තා වේ.

මෙම ගිවිසුම සකස්කරලීමේ ක්‍රියාවලියේ අවසන් අදියර මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ. ගිවිසුමට අදාළ කෙටුම්පතෙහි අවසන් සංශෝධන හා සැකසුම් කිහිපයක් සඳහා ඉන්දීය රජයේ නියෝජිත පිරිසක් ලබන 20 දින මෙරටට පැමිණීමට නියමිතය. එම ඉන්දීය නියෝජිත පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය පසු ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිත  පිරිසක්ද යළි ඉන්දියාව බලා පිටත්ව යනු ඇති බවත්, එම නියෝජිත පිරිසද ඉට්කා ගිවිසුම  සම්බන්ධ තවත් සාකච්ඡා වට කිහිපයක් ඉන්දියාවේදී පවත්වනු ඇති බවත්, තානාපති වාර්තා සඳහන් කරයි. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමද ඉට්කා පන්නයේ ගිවිසුම්වලට එළඹීමේ අරමුණු සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව භාවිතා කළේය.

ඉදිරියේදී චීනය හා වෙනත් රාජ්‍යයන් සමග මෙවැනි ගිවිසුම් අත්සන් කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කරයි.