රජරට රාජධානි සමයේ කාසි අච්චුවක් සොයා ගනී!

2016.07.10 coin maker1

ලංකාවේ රජරට රාජ්‍ය සමයේ භාවිතයට ගන්නට ඇතැයි සිතිය හැකි ඉපැරණි කාසි නිපදවන කෝවක් (අච්චුවක්) පොලොන්නරු පැරණි නගර පුරාවිද්‍යා කැනීම්වලදී සොයා ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පි‍්‍රයශාන්ත ගූණවර්ධන පවසයි.

මෙසේ සොයාගත් අච්චු කාසි නිර්මාණය සදහා භාවිතා කළ බව පැහැදිලි වුවත් කුමන හෝ ලෝහ වර්ගයක් රත්කර මේ කුහරවලට දමා පසුව මුද්‍රාවක් තබා ඇති බව  මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙයි. මෙමගින් කුමන යුගයට අයත් කොයි වර්ෂයේ භාවිත කළ කාසිදැයි තවමත් කාල නිර්ණයක් දිය නොහැකි බව ඔහු පවසයි. අනුරාධපුර යුගයටත් පෙර හෝ පොලොන්නරු යුගයේදි හෝ මෙම අච්චුවෙන් කාසි නිපදවන්නට ඇතැි බව අනුමාන කෙරේ. දැනට කළ කැනීම්වලට අනුව අනුරාධපුර යුගයටත් පෙර හා පොලොන්නරු යුගයටත් පෙර  මේ ප‍්‍රදේශයේ ජනාවාස තිබු බවට තොරතුරු ඇතැයි මහාචාර්ය ප්‍රිහාන්ත ගුණවර්ධන ප්‍රකාශ කරයි.

පොලොන්නරුව අංක 2  පර්යන්ත කලාපයේ  සිට  පැරණි නගරය ඇතුළු ප‍්‍රදේශය  කිලෝමීටර්  50ක සිමාවේ පුරාවිද්‍යාත්මක කැණිම් සඳහා හඳුනාගත් ප‍්‍රදේශ පිළිබද  පළමු වර්ෂයේ වාර්තාව  එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කනින්හැම් විසින් සකස් කර ඇත. මෙම ව්‍යපෘතිය යටතේ පුරාවිද්‍යා විශේෂ උපාධිධාරි  සිසුන්ට සහ මධ්‍යම සංකෘතික අරමුදලේ  පුරාවිද්‍යා නිලධාරින් ඇතුළු පනහස් දෙනෙකුට විශේෂ පුහුණුවක් ලබා දෙයි. ඉන්දියාවේ බැරෝඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගොපාල්, නේපාල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බංගලිදේශය ඉන්දුනිසියා පුරාවිද්‍යා නිළධරයෝ ද මේ සදහා දායක වන බව මහාචාර්ය පි‍්‍රයශාන්ත ගුණවර්ධන සදහන් කළේය.

මූලාශ්‍ර – ලංකාදීප

2016.07.10 coin maker