තවත් 1700කට ද්විත්ව පුරවැසිකම – කුමාර් ගැන ආණ්ඩුවේ කටේ පිට්ටු

kumar pasport

ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම් කළ තවත් පුද්ගලයින් 1700කට අද (11) දිනයේ ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන බව වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න නෙත් එෆ් එම් පුද්ගලික ගුවන් විදුලි නාලිකාවට අද ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ දක්වා පුද්ගලයින් දස දහසකට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයිද, එය අනුපාතයක් ලෙස ගත්කළ මසකට 1500 ක පමණ පිරිසකට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට කටයුතු කිරීමක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය. එහිදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ලංකාවෙන් පිටවී යළි ලංකාවට පැමිණීමට නොහැකි හෝ පැමිණීමට අකමැති ශ්‍රී ලාංකිකයන්ට මෙම ද්විත්ව පුරවැසිභාවය ලබා ගත හැකි බවයි.

නමුත් විදෙස් පුරවැසිභාවය අවලංගු කරගෙන ලංකාවේ ස්ථිරව ජීවත්වීමට ලංකාවේ පුරවැසිභාවය ඉල්ලුම් කර ඇති කුමාර් ගුණරත්නම් හට මෙතෙක් පුරවැසිභාවය ලබා දීමට ආණ්ඩුව කටයුතු කර නැත. ඔහු 2015 පෙබරවාරි 28 සහ 2015 නොවැම්බර් 04 යන දිනවල දෙවරක්ම පුරවැසි අයදුම්පත් ලබා දී ඇතත් තවමත් ඒවා පිලිබඳ ප්‍රතිචාරයක් ලබාදී නැත. සාමාන්‍යයෙන් පුරවැසි අයදුම්පතක් ඉදිරිපත් කර සති තුනක පමණ කාලයකදී ඒ පිලිබඳ ප්‍රතිචාරයක් ලැබේ.

Leave a Reply