විෂ එන්නත් ගැන පරීක්ෂණ ඇරඹේ

ex combatant rehabilitation camps

පුනරුත්ථාපන කඳවුරු වල සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ලෙස සැක කෙරෙන්නන්ට විෂ එන්නත් කර තිබේද යන්න ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඔවුන්ට ඖෂධ වල මුවාවෙන් විෂ එන්නත් ශරීරගත කර ඇති බවට පසුගියදා උතුරු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කෙරුණි. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හරහා මෙම පරික්ෂණ සිදු කිරීමට තීරණය කෙරුණු අතර එහි මූලික අදියරක් ලෙස පුනරුත්ථාපන කඳවුරු වල සිටි අයගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට තීරණය කරන ලදී. නමුත් ඒ සඳහා ලැබී ඇත්තේ අවම ප්‍රතිචාරයක් බව වාර්තා වේ.